SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත “Debbie” සුළි කුණාටුවේ පශ්චාත් තත්ත්වය. (SBS සිංහල/ පුවත්) 20:00 AEDT

Queenslanders are facing a huge clean up following the “Debbie”.
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ක්වීන්ස්ලන්තයට පැමිණි “Debbie” සුළි කුණාටුවෙන් පසුව විපතට පත් ප්‍රදේශ ශුද්ධ පවිත්‍ර කිරීමේ විශාල ව්‍යාපෘතියක් දියත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් හට සිදුව ඇත.

කුණාටුවෙන් පසුව මේ වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට වැසි පතිතවෙමින් පවතින බවද වාර්තා වේ.

“Debbie” සුළි කුණාටුවෙන් පසු විපරම.

  • ප්‍රාන්තයේ නිවැසියන්ගේ නිවෙස් මතට විදුලිය රැහැන් සහ ගස් කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් මාර්ග පවා අවහිර වී තිබේ.
  • මේ වන විටත් නිවාස සහ ව්‍යාපරික ස්ථාන 63,000 කට පමණ විදුලිය අහිමිව පවතී.
  • ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර තුවාල ලබුම් කිහිපයක් පමණක් වාර්තා වේ.
  • මේ වන විට හදිසි සේවා බලධාරීන් හට උදව් ඉල්ලා දුරකථන ඇමතුම් 600 ක් පමණ පැමිණ ඇති අතර එය 1000 පමණ දක්වා ඉහළ යා හැකි බව අනුමාන කෙරේ.
  • Daydream දූපතේ සංචාරකයින් 200 ක් පමණ කොටුවී සිටී.
  • ඇතැම් තනිවූ ප්‍රජාවන්ගෙන් කිසිදු තොරතුරක් තවමත් නොමැත.
  • අනතුරට පත්වූ ධීවරයින් දෙදෙනෙකු බේරාගෙන තිබේ.
  • විපතට පත් කලාප වල දහසකට අධික හදිසි සේවා සහ ආරක්ෂක භටයින් සහන සපයයි.
  • සුළි කුණාටුවෙන් සිදුවූ ආර්ථික හානිය සුවිසල් එකක් බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk පවසයි.

තවමත් අනතුරු දායකද?

  • “Debbie” සුළි කුණාටුවේ සැර බාල වී ඇති නමුත් අයහපත් කාලගුණික තත්ත්වය තවමත් බරපතල මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.
  • මධ්‍යම වෙරළ තීරය, Whitsundays, මධ්‍යම උස් බිම් සහ Coalfields දිස්ත්‍රික්ක වලට දරුණු සුළං හා අධික වැසි දිගින් දිගටම පතිත වේ.
  • වර්ෂාව මිලි මීටර් 250 දක්වා අපේක්ෂිත අතර Mackay, Yeppoon සහ Emerald යන ප්‍රදේශ වල හදිසි ගංවතුර තත්ත්ව ඇතිවේ.
  • Mackay's Pioneer ගංගාවේ ඉවුරු කඩා වැටීමට ඉඩ ඇති නමුත් ගංවතුර තත්ත්වය නිවාස වලට බල නොපායි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now