ඔස්ට්‍රේලියාවේ PR අපේක්ෂා කරන නිපුණතා ශ්‍රමිකයින්ට නිහඬ සංශෝධනයක් හරහා සුබ ආරංචියක් (SBS සිංහල/ වාර්තා)

Regional Occupation List හෙවත් ප්‍රාදේශීය කලාපයේ රැකියා ලැයිස්තුවේ රැකියාවක් සහිත medium-term ධාරාවේ සිටින 482 වීසා හිමියන් සඳහා ස්ථිර පදිංචිය ලබාදෙන මාර්ගයක් පිළිබඳවද පසුගිය පෙබරවාරි 13 වන දින ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරන ලදී.

The quiet visa change bringing good news to Australia's skilled workers

Credit: Getty Images

ඔස්ට්‍රේලියාවේ Temporary Skill Shortage වීසා හෙවත් 482 වීසා සඳහා පසුගිය ජනවාරි මාසයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංශෝධන කිහිපයක් ප්‍රකාශයට පත් කළේය.

ඉන් නොනැවතී Regional Occupation List හෙවත් ප්‍රාදේශීය කලාපයේ රැකියා ලැයිස්තුවේ රැකියාවක් සහිත medium-term ධාරාවේ සිටින 482 වීසා හිමියන් සඳහා ස්ථිර පදිංචිය ලබාදෙන මාර්ගයක් පිළිබඳවද පසුගිය පෙබරවාරි 13 වන දින ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරන ලදී.

482 වීසා ලාභීන්ට ස්ථිර පදිංචියට මාර්ගයක්

මීට පෙර 482 වීසා ලාභීන්ගෙන් ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකිව තිබුණේ short-term ධාරාවේ සිටින 482 වීසා හිමියන්ට පමණි.

අදාළ නිවේදනයට අනුව 2020 පෙබරවාරි 1 සිට 2021 දෙසැම්බර් 14 දක්වා කාලය තුළ අවම වශයෙන් වසරක්වත් ඔස්ට්‍රේලියාවේ සිටි 482 වීසා බලපත්‍රලාභීන්ට 482 දෙනෙකුට Employer Nomination Scheme (ENS) 186 වීසා බලපත්‍රයේ Temporary Residence Transition (TRT) ධාරාව හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම මාර්ගය දැනට 2022 ජූලි 1 සිට වසර දෙකක් සඳහා විවෘතව පවතී.

එහිදී 186 වීසා යටතේ Temporary Residence Transition (TRT) ධාරාවට අදාළ වීසා අවශ්‍යතා මෙන්ම සියලු නාමයෝජනා නිර්දේශ කිරීමේ අවශ්‍යතා අයදුම්කරුවන් සැපිරිය යුතු බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රාදේශීය රැකියා ලැයිස්තුවේ රැකියාවක් සහිත medium-term ධාරාවේ සිටින 482 වීසා හිමියන් 2021 දෙසැම්බර් 14 වන දින වන විට ඔස්ට්‍රේලියාවේ 988 දෙනෙකු සිටි බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

A woman sits in a electric buggy in a vineyard
Bridget has been working as a winemaker in Australia for three years. Source: Supplied

නීති අපැහැදිලියි

පෙබරවාරි 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද නවතම සංශෝධන පිළිබඳව සංක්‍රමණ ඒජන්තවරුන් ඇතුළුව සංක්‍රමණ වෘත්තිකයන්ට උපදෙස් දුන් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු මේ සතියේ SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.

COVID-19 වසංගතයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය වීම සඳහා Business, Industry and Regional Outreach (BIRO) ජාලය සමඟ ද සම්බන්ධ වී සිටින බව ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින් නොමැති ව්‍යාපාර සහ ආයතනවලට ඔවුන්ගේ නිපුණතා ශ්‍රම හිඟය පිරවීමට සහ වීසා සැකසුම්වල වෙනස්කම් සන්නිවේදනය කිරීමට උපකාර කිරීම සඳහා රට පුරා සිටින පාර්ශවකරුවන් සමඟ BIRO සෘජුවම සම්බන්ධ වන බවද ඔහු ප්‍රකාශ කළේය.

නමුත් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සංකීර්ණ බවත්, තීරණ පුළුල් ලෙස සන්නිවේදනය නොකරන බවත්, පහසුවෙන් තේරුම් ගත හැකි තොරතුරු සෑම විටම ලබා ගත නොහැකි බවත් medium-term ධාරාවේ සිටින 482 වීසා හිමියකු වන Bridget ප්‍රකාශ කළාය.

"ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය ඇති දේම ඔබට පවසනවා මිස එම නීති පැහැදිලි නොකරන බව ද ඇය පැවසුවාය.

පසුගිය දශකය තුළ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ සේවාව එතරම් වැදගත් නොවන ආයතනයක් බවට පත්ව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් Abul Rizvi පැවසුවේය.

සේවාදායකයින් ගැන සිතන ආයතනයක් නම් ඔවුන් වඩා හොඳ සහ සාර්ථක සන්නිවේදනයක් භාවිත කරන බව ද ඔහු පැහැදිලි කළේය.


Share

3 min read

Published

By Charis Chang, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now