2018 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටය යටතේ ඊයේ දිනයේ ලොව අංක එකේ ක්‍රීඩක Rafael Nadal සහ ක්‍රෝඒශියානු ක්‍රීඩක Marin Cilic තරග වැදුණු අතර තරගයේ අවසන් භාගයේදී Nadal අබාධයකට ලක් වීම හේතුවෙන් Cilic හට මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදා විය. මෙම තරගය පැය දෙකකුත් විනාඩි පනස් දෙකක කාලයක් පැවති අතර, 5th set එක අතර තුරදී තුනටියේ අබාධයකට ලක් වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ලොව අංක එකේ ක්‍රීඩක Nadal හට තරගයෙන් ඉවත් වීමට සිදු විය.
දැනට ජාත්‍යන්තර වර්ගීකරණයේ 6 වැනි ස්ථානයේ සිටින Marin Cilic ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම වතාව මෙයයි.
මේ ආකාරයෙන් තරගාවලි තුලදී තමන් ඇතුළු තවත් ක්‍රීඩකයින් අබාධ වලට ලක් වී ඇති බවත් තරගාවලි සංවිධායකයින්ද ඒ සදහා වග කිව යුතු බවත් Rafael Nadal මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
මීට අමතරව ඊයේ පැවති අනෙක් අර්ධ අවසන් පුර්ව තරගයේදී බ්‍රිතාන්‍යයේ Kyle Edmund ශ්‍රේණිගත කිරීමේ අංක තුනේ සිටින බල්ගේරියානු ක්‍රීඩක Grigor Dimitrov පරාජයට පත් කරමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.
මේ අතර ඊයේ පැවති කාන්තා අර්ධ අවසන් පුර්ව තරගයේදී ජාත්‍යන්තර වර්ගීකරණයේ අංක හතරේ සිටින Elina Svitolina පරාජය කරමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට බෙල්ජියම් ක්‍රීඩිකා Elise Mertens. 22 හැවිරිදි වියේ පසුවන ඇය දැනට ජාත්‍යන්තර වර්ගීකරණයේ 36 වන ස්ථානයේ සිටින බව සදහන්.

