SKIP TO MAIN CONTENT

වර්ෂාව ඕස්ට්‍රේලියාවේ ලැව්ගින්නට විරාමයක් දෙයි : මෙල්බර්න් හි වාතයේ ගුණාත්මක භාවය ඉහල යන ලකුණු

Victoria's bushfire smoke continues while rain is expected in parts of NSW
Source: AAP/Country Fire Authority

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි නිසා අඩුවුනු වාතයේ ගුණාත්මක භාවය යහපත් අතට

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ඇතිව තිබෙන වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු වනු ඇති බවට වික්ටෝරියානු බලධාරීන් බලාපොරොත්තු පලකොට සිටි.

වික්ටෝරියා හි නැගෙනහිර ගිප්ස්ලන්ඩ් කලාපයේ සහ නිව් සවුත් වේල්ස්හි ඇති වූ ලැව්ගිනි හේතුවෙන් පිටවුනු අධික දුමාරය හේතුවෙන් මෙල්බර්න්හි ඊයේ දිනයේදී (15 Jan) දෙවන වරටත් වාතයේ ගුණාත්මක භාවය අඩුවිය.

වික්ටෝරියා ප්‍රාන්ත ගිලන්රථ සේවාව වාර්තා කරන පරිදි මෙම ලැව්ගිනි දුම් සහිත වාතාශ්‍රය හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන පුද්ගලයින් විසින් ලබාදෙන දුරකථන ඇමතුම් සංඛ්‍යාව සියයට 75 කින් වැඩි වී තිබේ.

කෙසේ වෙතත් වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි, වෛද්‍ය බ්‍රෙට් සටන් පවසා සිටිනුයේ ලැව්ගිනි තත්වය ක්‍රමයෙන් පහව යමින් ඇති බැවින් වාතයේ ගුණාත්මක භාවය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වික්ටෝරියා හි ලැව්ගිනි වලින් මියගිය ගණනට තවත් අයෙක් එකතු වෙයි

වික්ටෝරියා හි ඇති වූ ලැව්ගිනි වලින් මියගිය සංඛ්‍යාව පහක් දක්වා ඉහළ ගොස් ඇති බවට බලධාරීන් විසින් තහවුරු කර තිබේ. කොන්ත්‍රාත්කරුවකු වන 69 හැවිරිදි ඩේවිඩ් මොරේසි නැගෙනහිර ගිප්ස්ලන්ඩ් හි ලැව්ගිනි පාලන කටයුතු වලට සම්බන්දව සිටියදී මෙලෙස මියගොස් ඇති බවට හදිසි අපදා කළමනාකරණ කොමසාරිස් ඇන්ඩa ක්‍රිස්ප් විසින් තහවුරු කොට තිබේ.

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ පෙදෙස් වලට ලබන සඳුදා දක්වා වැසි

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර හා නිරිත දිග පෙදෙස් වල ඇතැම් ප්‍රදේශ හැරුණු විට ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වලට අද සිට ලබන සඳුදා දක්වා වර්ෂාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වර්ෂාව, තවමත් ප්‍රාන්තය පුරා දැවෙමින් පවතින ලැව්ගිනි 88 ක සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් නිවා දැමීමට උපකාරී වනු ඇති බවට ප්‍රාන්ත ගිනි නිවීමේ සේවාව විශ්වාසය පලකොට සිටී.

එහෙත් ගිගුරුම් සහිත වැසි අකුණු මඟින් නව ලැව්ගිනි ඇතිවීමේ අවදානම ද පවතින බව නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි සේවා අංශය අනතුරු අඟවා සිටී.

 

 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now