සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ චෙන්නායිහිදී පැවති පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 26 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ඔවුන් ලකුණු 281 ක් රැස් කළේය.
ඉන්දියාව වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 83 ක් ද මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 79 ක්ද ලබාගත්තේය.
කෙසේවෙතත්, ඉන්දීය ඉනිම අවසානයේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 180 ක පමණ කාලයක් නතර කිරීමට සිදුවූ අතර ඒ හේතුවෙන් පන්දුවාර 29 ක් ඔස්ට්‍රේලියානු පිලට අහිමිවී ගියේය.
එනිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 21 ක් තුළ ලකුණු 164 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියාවට හිමි විය.
නමුත් පන්දුවාර 21 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ඔවුන් හට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 137 ක් පමණි.