ඔස්ට්‍රේලියාවේ ජය වැස්සට හේදෙයි.

Rain hit the Aussies win.

Source: espncricinfo

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ චෙන්නායිහිදී පැවති පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 26 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක  විරාත් කෝලී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ඔවුන් ලකුණු 281 ක් රැස් කළේය.

ඉන්දියාව වෙනුවෙන්  හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 83 ක් ද මහේන්ද්‍ර සිං දෝනි  ලකුණු 79 ක්ද ලබාගත්තේය.

කෙසේවෙතත්, ඉන්දීය ඉනිම අවසානයේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 180 ක පමණ කාලයක් නතර කිරීමට සිදුවූ අතර ඒ හේතුවෙන් පන්දුවාර 29 ක් ඔස්ට්‍රේලියානු පිලට අහිමිවී ගියේය.

එනිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 21 ක් තුළ  ලකුණු 164 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියාවට හිමි විය.

නමුත් පන්දුවාර 21 ක් අවසානයේ  කඩුලු 9 ක් දැවී ඔවුන් හට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 137 ක් පමණි.


1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now