SKIP TO MAIN CONTENT

මෙන්ඩිස් ගේ මංගල ශතකයත් සමග ශ්‍රී ලංකාවේ ජයට වර්ෂාවෙන් බාධා.

Rain thwarts SL's chances after Mendis ton
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (28/03) රන්ගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති දෙවැනි එක් දින තරගයට වර්ෂාව බාධා වීම හේතුවෙන් විසඳුමකින් තොරව තරගය නිමා විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් කුසල් මෙන්ඩිස් තම මංගල එක් දින ශතකය ලබා ගනිමින් අගනා ලකුණු 102ක් ලබා ගත්තේය.

නායක උපුල් තරංග ලකුණු ලකුණු 65ක් ද අසේල ගුණරත්න ලකුණු 39 ක්ද මලින්ද සිරිවර්ධන ලකුණු 30ක් ද ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත්තේය.

නමුත් බංග්ලාදේශ ඉනිම ආරම්භ කිරීමට වර්ෂාවෙන් බාධා සිදු විය. එනිසා තරගය විසඳුමකින් තොරව  අවසන් විය.

දෙරට අතර පැවැත්වෙන මීළඟ එක් දින තරගය අප්‍රේල් මස 01 වන දින SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now