Key points
- ද්විභාෂා දැනුමේ ප්‍රතිලාභ, මුලික අවධියේ සිට ජීවන කුසලතා දක්වා මෙන්ම සංස්කෘතියටද සම්බන්ධ වේ
- භාෂාව සහ සංස්කෘතිය, පවුල් සහ ජනවාර්ගික කණ්ඩායම් අතර වෙනස් විය හැක
- පාසල, පවුල සහ ප්‍රජා ජාල, ද්විභාෂා අධ්‍යාපනය සඳහා මූලික විය හැකි නමුත් දරුවාගේ අවශ්‍යතා ඉටු කිරීමට නම් අපේක්ෂාව අවශ්‍ය වේ.
මෑතකාලීන සංගණනයට අනුව, ඔස්ට්‍රේලියාවේ භාෂාමය විවිධත්වය බහුලව පවතින බවට අනාවරණය වී තිබේ, මේ අනුව ඕස්ට්‍රේලියාවේ සෑම පවුල් 5කින් එක් පවුලකට වඩා ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කරයි.
ද්විභාෂා හැකියාවක් සහිත දරුවෙකු ඇති දැඩි කිරීම අභියෝගාත්මක වුවත්, ප්‍රවීණයන් පවසන්නේ මෙම බාධක වලට වඩා එමගින් අත්විය හැකි යහපත් ප්‍රතිඵල ඉහල මට්ටමක් පවතින බවයි.
මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා මහාචාර්ය John Hajek පවසන්නේ, ද්විභාෂා දැනුම සහිත දරුවන් හට වඩාත් හොඳ අධ්‍යයන කාර්ය සාධනයක් ඇති බව ඔප්පු වී ඇති බවයි.
එමෙන්ම ඔහු පවසන්නේ එම ප්‍රතිලාභ දරුවාගේ පෞද්ගලික වර්ධනයට වඩා පුළුල්ව පැතිරෙන අතර, එමඟින් වෙනස්කම් වඩා හොඳින් අවබෝධ කර ගැනීමටත් ඔවුන්ට හැකියාව හිමිවන බවයි.

අවුරුදු 4/5 වයසේ පසුවන, වෙනත් භාෂාවක් සහිත හෝ වෙනත් භාෂාවක් ඉගෙන ගන්නා කුඩා දරුවන්, සෙසු පිරිස කෙරෙහි සංවේදී වීමට වඩා වැඩි උත්සාහයක් ගන්නා අතර එමගින් සමස්තයක් ලෙස සමාජයට වාසි සහගත බවත් ඔහු පවසයි.
භාෂාව සහ සංස්කෘතිය අතර සම්බන්ධය
මහාචාර්ය John Hajek පවසන්නේ සංස්කෘතික දැනුම සහ භාෂාව බොහෝ ප්‍රජා තුල වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති අතර ද්විභාෂා දැනුම සහිත දරුවන් හට ඔවුන්ගේ සංක්‍රමණික උරුමය සමඟ වඩා හොඳ සම්බන්ධයක් ඇති බවයි.
සිඩ්නිහි Blacktown සිංහල පාසලේ හිටපු විදුහල්පති ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම පවසන්නේ, දරුවන් හට සිංහල භාෂාව ඉගැන්වීමේදී "භාෂා" පාසල් විශාල කාර්යභාරයක් සිදු කරන අතර, භාෂාව තුලින් දරුවන් හට සංස්කෘතිය සම්බන්ධයෙන් දරුවන්ට ඉගැන්වීමට හැකියාව හිමි වන බවයි.
එමෙන්ම මෙම භාෂා පාසල් තුල විෂය නිර්දේශයකට අනුව ක්‍රියාත්මක වන පාඨමාලා රැසක් මගින් මෙය හොඳින් සිදු වන බවත් ඔහු පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියාවේ ඇතැම් පවුල් මෙම භාෂා දැනුම දරුවාට ලබා දීම ඉතා සුවිශේෂී මෙන්ම යහපත් කටයුත්තක් වශයෙන් සලකයි.

තමන් වාග් විද්‍යාඥයෙකු මෙන්ම සහ වාර්ගික ප්‍රජා කිහිපයකටම අයත් වන අතර තමන්ට "භාෂාව" සැබවින්ම වැදගත් දෙයක් වන බව මහාචාර්ය John පවසයි. ඔහු පෙන්වා දෙන්නේ භාෂාව තම දරුවන් අතර බෙදාගැනීමටත් තමන්ට අවශ්‍ය වන අතර එය තම මව්පියන්ගේ දෙමාපියන්ටද අවශ්‍ය වූ බවයි.
එමෙන්ම භාෂාව සහ සංස්කෘතිය අතර පවතින සමීප සබඳතාවය සෑම පවුලකටම හෝ ප්‍රජාවකටම සුලු කොට තැකිය නොහකි බවත් ඔහු පවසයි.
වික්ටෝරියා ප්‍රාන්තය තුල නම් කරන ලද ද්විභාෂා වැඩසටහන් සහිත රජයේ ප්‍රාථමික පාසල් 12ක් පවතී. Stanley Wang, ප්‍රාන්තයේ පැරණිතම චීන ද්විභාෂා වැඩසටහන ක්‍රියාත්මක කරන Abbotsford ප්‍රාථමික පාසලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
ඔහු පවසන්නේ පාසල් තුල ශිෂ්‍ය කණ්ඩායම් සම්බන්ධයෙන් වන දත්ත සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සංක්‍රමණික ප්‍රජා මගින් භාෂාව සඳහා දක්වන වැදගත්කම බවයි. නමුත් ඔහු සඳහන් කොට සිටින්නේ අනන්‍යතාවය සහ ඉවසීම ගොඩනැගීමේදී භාෂාවෙන් ඔබ්බට ද්විභාෂා අධ්‍යාපනයේ ප්‍රතිලාභ පවතින බවයි.
දරුවන්ට මෙම පසුබිම තුලදී සමාන තත්වයක් තිබීම සහ භාෂා දෙකම භාවිත කිරීමට සැලැස්වීම මගින් ඔවුන් ඔවුන්ගේ සංස්කෘතියට සම්බන්ධ කිරීමට හැකියාව පවතින බව Stanley පෙන්වා දෙයි.

ඔබේ දරුවාගේ අධ්‍යාපනයට සහාය වීමට වන මාර්ග
පාසලෙන් පිටත පවතින "පවුලේ පරිසරය" දරුවෙකු ද්විභාෂා හැකියාව සමග හැදී වැඩීම සඳහා ප්‍රධාන ආධාරකයක් විය හැක.
තම භාෂාව පවත්වාගන්නා අතරතුර දරුවන්ටත් එම භාෂාව ලබාදීම සම්බන්ධයෙන් දරුවන්ගේ ආච්චී හෝ සීයා විශාල කාර්යභාරයක් සිදු කරන බව මහාචාර්ය John පවසයි.
එමෙන්ම, පුස්තකාල , ප්‍රජා කණ්ඩායම් සහ ප්‍රජා භාෂා පාසල් මෙන්ම ඔවුන්ගේ ප්‍රදේශයේ භාෂා ආධාරක සම්පත් දෙමාපියන්ට භාවිතා කළ හැකි අතර ඒ ඔස්සේ දරුවාට සහාය ලබාදිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

Vasso Zangalis, 80 දශකයේ ඕස්ට්‍රේලියාවේ ද්විභාෂා නියමු වැඩසටහන හරහා, ද්විභාෂා අධ්‍යාපනය ලද ඕස්ට්‍රේලියාවේ පළමු ශිෂ්‍යයින්ගෙන් එක් අයකු වන අතර ඇය දෙවන පරම්පරාවේ ග්‍රීක ඕස්ට්‍රේලියානුවකු වෙයි.
Zangalis මහත්මිය පවසන්නේ උදාහරණයක් වශයෙන් පාසල් වියේ පසුවන දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියෙකු නම්, ඔවුන්ගේ භාෂා ඉගෙනීමට සහාය වීම සඳහා ස්ථාපිත ජාලයක් තිබීම වැදගත් වන බවයි. මෙය මෙරටට පැමිණෙන නවකයින්ට ප්‍රායෝගික පියවරක් වන බවද ඇය පෙන්වා දෙයි.
ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔබ සංක්‍රමණික කණ්ඩායමක් නම් පාසල්වල ද්විභාෂා වැඩසටහන් ස්ථාපිත කරන ලෙසද ඉල්ලා සිටිය හැකි බවයි.
මෙම වැඩ කටයුතු කුඩා පරිමාණයෙන් ක්‍රියාත්මක කල හැකි අතර මේ වනවිටත් එවැනි වැඩසටහන් සඳහා සහයෝගය පවතින බවත් Zangalis මහත්මිය පවසයි.

Stanley Wang පෙන්වා දෙන්නේ ඔබ කුමන සහයෝගයක් ලබා ගත්තද, භාෂාව සහ සංස්කෘතිය සමඟ ඇති සම්බන්ධය ඔවුනට බරක් ලෙස නොහැඟෙන පරිදි, දරුවාගේ අවශ්‍යතාවලට භාෂා අධ්‍යාපනය ගැළපීමට කටයුතු කල යුතු බවයි.
එමෙන්ම දෙමාපියන් සහ අධ්‍යාපනඥයින් විසින් හඳුනාගත යුතු වැදගත් කරුණක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ දරුවා ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන්නේ නම්, ඔවුන් ඉගෙනීමට යන භාෂාව ඔස්ට්‍රේලියාව තුලදී වැදගත් වන බවට ඔවුන්ට ඒත්තු ගැන්විය යුතු බවයි.
ඕස්ට්‍රේලියාවේ භාෂා පාසැල් මඟින් ශ්‍රී ලාංකික සිංහල සංක්‍රමණික දරුවන්ට අත්වන ප්‍රයෝජනය සම්බන්ධයෙන් Blacktown සිංහල පාසලේ හිටපු විදුහල්පති ආචාර්ය මහේන්ද්‍ර පෙන්වා දෙන්නේ දරුවන්ට මේ ඔස්සේ සිංහල සංස්කෘතිය ඉගෙනගැනීමේ හොඳ අවස්ථාවක් ලැබෙන බවයි.
එමෙන්ම මෙම පාසල් පද්ධතිය මගින් සිංහල භාෂාව දන්නා විශාල ප්‍රජාවක් ඕස්ට්‍රේලියාව තුල බිහිවීම සිදු වන අතර ළමුන්ගේ දක්ෂතා ඇගයීමට ලක්වීමත් මෙමගින් සිදු වන වැදගත් කරුණක් බව ඔහු පෙන්වා දෙයි.
මහාචාර්ය John Hajek පවසන්නේ ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන දරුවකුගේ ප්‍රබලම භාෂාව ඉංග්‍රීසි බව අපි තේරුම් ගත යුතු අතර දෙවන භාෂාව සම්බන්ධයෙන් පරිපුර්ණ ඉගෙනුමක් අත්‍යාවශ්‍ය නොවන බවයි.
ඔස්ට්‍රේලියාව තුල ද්විභාෂා හැකියාව සහිත දරුවන් ඇති දැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොතක් නොමැත. ද්විභාෂා හැකියාව සහිත දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ බොහෝ පොදු ගැටලු පවතී. sbs.com.au/mybilingualfamily මගින් මෙම ගැටලු සඳහා පිළිතුරු සෙවීම සිදු වේ.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න

