SKIP TO MAIN CONTENT

රාජගිරිය ගුවන් පාලම් දෙසැම්බරයේදී විවෘත වන ලකුණු.

Rajagiriya flyover
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

මේ වන විට ඉදිවෙමින් පවතින රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම් ද්විත්වය මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට  විවෘත කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රාජගිරිය ප්‍රදේශයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොටස් දෙකක් ලෙස පාලම් දෙකක් සෑදීමට කටයුතු කර ඇත.

එහි එක් පාලමක වැඩ නිමකිරීමට නියමිතව පැවතියේ 2018 දෙසැම්බර් මාසයේදී නමුත් නියමිත කාලයට පෙර එහි වැඩ කටයුතු නිමා කර 2017 වසරේ දෙසැම්බර මාසයේදී පාලම් ද්විත්වයම විවෘත කිරීමට හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම කටයුත්ත සැලසුම්  කළ සම්පූර්ණ කාලයට ප්‍රථමයෙන් නිමා කරන බැවින් කලින් ඇස්තමේන්තු කළ බිලියන 4.5ට වඩා අඩු මුදලකින් නිමා කළ හැකිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now