SKIP TO MAIN CONTENT

රැජිනි කාන්ත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි.

Rajinikanth cancels visit to Sri Lanka
Source: indiatoday

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: India Today



Skip to article content

ඉන්දියාවේ Viduthalai Chiruthaigal Katchi (VCK) සහ Marumalarchi Dravida Munnetra Kazhagam (MDMK) පක්ෂ වල විරෝධය හේතුවෙන් දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් තම ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව ඊයේ (25/03) දහවල් ප්‍රකාශ කර තිබේ.

එළඹෙන අප්‍රේල් මස 09 සහ 10 යන දෙදින තුළ රැජිනි කාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබු අතර එහිදී යාපනය සහ වව්නියාව ප්‍රදේශවලදී සංවිධානය කර තිබූ නිවාස බෙදාදීමේ උත්සවයක් සඳහා සහභාගී වීමට සැලසුම් කර තිබුණි.

මේ අතර රැජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමිල්නාඩු දෙමළ ජනතාව මෙන්ම තමිල්නාඩු දේශපාලන පක්ෂ ද විවිධ අදහස් පළ කර තිබුණි.

රැජිනි කාන්ත්ගේ  ශ්‍රී ලංකා සංචාරය දෙරටට වඩාත් වැදගත් වන සංචාරයක් වනු ඇති බව ඉන්දීය භාරතීය පක්ෂයේ නායක සුග්රාමුනියම් සාමි පවසා තිබුණි.

තමිල්නාඩු  පක්ෂ මෙම සංචාරය හෙලා නොදැක ඊට සහයෝගය ලබාදිය යුතු බව ද සුග්‍රමුනියම් සාමි පවසා තිබුණි.

මෙම සංචාරය මගින් දෙමළ ජනතාව තුළ රැජිනි කාන්ත් අප්‍රසාදයට පත් වනු ඇති බව Viduthalai Chiruthaigal Katchi (VCK) පක්ෂයේ නායක ටී. තිරිවාවලන් පැවසීය.

තමන්ට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වාසය කරන ස්ථාන දැක බලාගැනීම මෙම සංචාරයේ අරමුණ වූ බව රැජිනි කාන්ත් පැවසුවේය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී දකුණු ඉන්දීය ධීවරයින්ගේ ගැටලුවට විසඳුමක් ලබා ගැනීමටද තමන් මෙම සංචාරයේදී අපේක්ෂා කර සිටි බව ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now