SKIP TO MAIN CONTENT

පාටලී එලියට එන විට රාජිත අතුරදන් වෙයි

Patali_Rajitha - Former ministers of Sri Lanka
Patali_Rajitha - Former ministers of Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කොට තිබේ. පෙරේදා දිනයේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය විසින් රුපියල් 25,000 ක් ද, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍යවරයා ඇපමත නිදහස් කිරීමට නියෝග කළාය.

රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වර්ෂයේ දී සිදුකළැයි කියන රිය අනතුරක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පසුගිය සතියේ දී හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

මේ වන විට මෙම රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අධිකරණය නියෝග කර තිබේ. නීතීපති උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

කෙසේ වුවද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර පැය 24 ක ට වැඩ වැඩි කාලයක් ගත වුණද මේවන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරණය ආසන්නයේදී සුදු වෑන් මඟින් පැහැරගැනීම් සහ හිටපු LTTE නායක ප්‍රභාකරන් හට අයත් රත්‍රන් බඩු කොල්ලකෑමේ සිද්ධීන් පිළිබඳ මාධ්‍යහමුවක් පැවැත්වීමට අදාලව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ලවිණ. එම මාධ්‍ය හමුවට එක්ව එම සිදුවීම් වලට අදාලව සාක්ෂි ඉදිරිපත්කල පුද්ගලයින් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යරාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේය.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ කොළඹ සහ කළුතර යන ප්‍රදේශ වල පිහිටි නිවෙස් වෙත ගොස් ඇති නමුදු ඔහු එම ස්ථාන වල නොසිටි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇතැයි වාර්තා වේ.

එහෙත් අත්අඩංගුවේ සිට ඇප මත නිදහස් වුනු පාටලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව කල විමසීමකදී ඔහු සඳහන් කොට ඇත්තේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් ගොනුකොට තිබු තෙවන ඇප අයදුම්පත මේ මස 30 දා විභාගයට ගැනීමට නියමිත බැවින් ඔහු නිසි අවස්ථාවේදී උසාවියට ඉදිරිපත් වනු ඇති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now