SKIP TO MAIN CONTENT

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රෝහල් ගතවෙයි

Rajitha hospitalised
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (26/12) රාත්‍රියේ  නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු නිලධාරීන් අදාළ රෝහල වෙත ගිය බවද සඳහන්.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සමයේදී සුදුවෑන් මගින් පුද්ගලයන් පැහැරගැනීම සිදුකළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළේය.

අධිකරණ වරෙන්තුවද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරේදා මෙන්ම ඊයේ දිනයේත් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට සහ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රෙද්ශයේ පිහිටි නිවසට ගියද ඔහු එම නිවෙස්වල නොසිටි බව වාර්තා විය.

ඒවැනි පසුබිමක තමන්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීතීඥවරුන් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවත් ඔවුන් එය ඊයේ  පස්වරුවේ ඉවත් කරගැනීමට ද පියවර ගෙන තිබූණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now