SKIP TO MAIN CONTENT

BREAKING NEWS: රාජිත සේනාරත්න අත්අඩංගුවට පත්වෙයි

Rajitha Senarathna
Rajitha Senarathna _ Former Sri Lankan MP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (දෙසැ 27) ශ්‍රී ලංකා වේලාවෙන් දවල් 2 ට පමණ අත්අඩංගුවට ගත් බව වාර්තාවේ. මේ පිළිබඳව CID ය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වනු ලැබ ඇත.

ඔහු ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (දෙසැ 26) රාත්‍රියේ නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයට ඇතුළත් වී ඇති බව වාර්තා විය.

සැකකරු ඇප මත මුදා හැරියොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කර ලෙසද රහස් පොලීසිය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීම සලකා බලා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ශලනි පෙරේරා මහත්මිය රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පිළිබඳව පරීක්ෂාව සිදු කිරීම සඳහා ඔහු රැඳී සිටින නාරාහේන්පිට ලංකා රෝහල වෙත පිටත්ව ගොස් ඒ පිලිබඳ පරික්ෂා කොට ඇති බවද සඳහන්. ඉන් පසුව ඇය මෙම නියෝගය ලබාදුන් බව වාර්තා වේ.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සමයේදී සුදුවෑන් මගින් පුද්ගලයන් පැහැරගැනීම සිදුකළ බවට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now