රංගන හේරත් සහ කුසල් මෙන්ඩිස් ICC ජාතන්තර ටෙස්ට් වර්ගීකරණයේ ඉදිරියට. (වාර්තා/SBS සිංහල)

New Zealand v Sri Lanka - 2nd Test: Day 3

during day three of the Second Test match between New Zealand and Sri Lanka at Basin Reserve on January 5, 2015 in Wellington, New Zealand. Source: getty images Hagen Hopkins

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් ICC ටෙස්ට් වර්ගීකරණයේ පෙරමුණට එන්නට දග  පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පිතිකරු කුසල් මෙන්ඩිස් ට  හැකි වී තිබේ. රංගන හේරත් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලිය පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 49කට කඩුලු  4ක් දවාගත් අතර, දෙවැනි ඉනිමේදී ලකුණු 54ට කඩුලු  5ක් දවගන්නට සමත් විය. නවතම ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ජාත්‍යන්තර වර්ගීකරණයේ රංගන, ලොව හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතරට ඇතුලත් වී ඇති අතර, ඔහු වර්ගීකරණයේ 9 වන ස්ථානයට පත්ව තිබේ. ඒ අනුව ඔහු වර්ගීකරණයේ ස්ථාන 4ක් ඉදිරියට එන්නට සමත් වී තිබේ.

මීට  අමතරව ටෙස්ට්පිතිකරුවන්ගේ වර්ගීකරණයේ මීට  පෙර 27 වැනි ස්ථානයේ සිටි කුසල් මෙන්ඩිස් හට නවතම වර්ගීකරණයේ 21 වැනි ස්ථානය හිමිව තිබේ. ඔහු පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා  පළමු ටෙස්ට් තරගයේදී තරගයේ වීරයා  ලෙස සම්මාන හිමි කරගත් අතර, ලකුණු 176ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා  ගෙනයන්නටද සමත් විය.

 මේ අතර ටෙස්ට් පිතිකරුවන් අතර 13 වැනි තැන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර, දිනේෂ් චන්දිමාල්ට 20 වැනි තැන හිමිව තිබේ.


1 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: Courtesy: ICC



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now