SKIP TO MAIN CONTENT

අගමැති රනිල් බැඳුම්කර කොමිසමෙන් පසුව ඉන්දියාවට.

PM Ranil off to India
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඉන්දියාවේ නවදිල්ලි නුවර ආරම්භ වීමට නියමිත 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21/11) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

ඉන්දීය  අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මේ අතර මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ පෙනි සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම විසින් අසනු ලැබූ සියලු ප්‍රශ්නවලට සවිස්තරාත්මකව පිළිතුරු දුන් බව වාර්තා වේ.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ පෙනි සිටියේ එම කොමිසම කරන ලද ඉල්ලීමකට අනුවය.

මෙරට ඉතිහාසයේ ජනාධිපති විමර්ශන කොමිසමක් ඉදිරියේ පෙනි සිටි පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වේ.

මෙම ඉන්දීය සංචාරයේදී  වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රමාත්‍යවරයා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

Daily Mirror ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now