SKIP TO MAIN CONTENT

රනිල් අගමැති ලෙස අද සවස දිවුරුම් දීමට සැරසෙද්දී මහින්ද ඇතුළු 17 කට රටින් පිටවීම තහනම් කෙරේ

Ranil is to be sworn in as Prime Minister this evening and Mahinda and the other 17 ministers have been barred from leaving the country

Ranil is to be sworn in as Prime Minister this evening while   Mahinda and 17 will be barred from leaving the country
Ranil is to be sworn in as Prime Minister this evening while Mahinda and 17 will be barred from leaving the country Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු පස්වරු 6.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථා පහකදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කර ඇති අතර අගමැති තනතුරෙහි මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

මේ අතර 'ගෝඨා ගෝ ගම' සහ 'මයිනා ගෝ ගම' යන සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස් රැඳී සිටි ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්දව පැවැත්වෙන පරීක්ෂණ හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු තවත් මැති ඇමතිවරුන් 17 දෙනෙකුට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මීට සුළු වෙලාවකට පෙර නියෝගයක් නිකුත් කොට තිබේ.

ඒ අනුව, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, CB රත්නායක, සම්පත් අතුකෝරල, රේණුක පෙරේරා, මහින්ද කහඳගම, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 කට රටින් පිටවීම තහනම් කොට ඇත.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now