SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කෙරෙයි

Ranil nominates Sajith as Opposition Leader
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය වන සිරිකොත පරිශ්‍රයේ පැවති විශේෂ රැස්වීමකදී මේ බව තීරණය කෙරිණි.

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව පැවති ගැටළුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ජා කර තිබේ.

විපක්ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කළද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ ඊයේ රැස්වීමේදී කිසිදු තීරණයක් නොගත් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය හමුවේ පැවසීය.

එම රැස්වීම ආරම්භවීමත් සමග සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණි ත්‍රයි නිකායික තරුණ භික්ෂු සම්මේලනයේ තරුණ භික්ෂූන් වහන්සේ පිරිසක් මහා සංඝ රත්නයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරමින් සන්දේශයක් බාර දුන්හ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now