ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ ජනාධිපති ධුරය සදහා නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම අද (ජූලි 20) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සිදු විය.
එහිදී ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද අනුර දිසානායක මහතා ඡන්ද 03 ක් ද ලබා ගත්හ.

Sri Lanka's parliament elects Ranil Wickremesinghe as president Source: Getty Images
නව ජනපති දිවුරුම්දීම හෙට (ජූලි 21)
රනිල් වික්‍රමසිංහ මහතා 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (ජූලි 21) දිවුරුම්දීමට නියමිතය.
තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදු කිරීමට අවසර දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් අද (ජූලි 20) ඉල්ලා සිටියේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සිදු කිරීමට නියමිතය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
නව ජනපති පාර්ලිමේන්තුව අමතයි
"බෙදුණු අවස්ථාව ඉවරයි සියලු දෙනා එක්ව රට ගොඩනගමු. අපිට පැය 48 ක් තිබුණා බෙදෙන්න. ඒ පැය 48 දි අපි බෙදුනා. දැන් ඒ කාලය අවසන් නිසා මම ඉල්ලනවා අපි එකට එකතු වෙලා සාකච්ඡා කරමු. හෙට සිට ඔබ සියළු දෙනා සමඟ සාකච්ඡා කරන්න මම කැමතියි." යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව ඇමතීය.
ජනතාව ඉල්ලන අලුත් ක්‍රමවේදයක් බිහි කිරීම සඳහා අද සිටම එකතු වී සාකච්ඡා කරමු යැයි ජනාධිපතිවරයා සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.
"මාත් සමඟ තරඟ කළ අනුර දිසානායක මන්ත්‍රීතුමාටත්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාටත් මම ස්තූති කරනවා. මම ඩලස් අලහස්පෙරුම මන්ත්‍රීතුමාගෙන් ඉල්ලනවා අපි සියළු දෙනාම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් හදන්න වැඩකටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මැතිතුමාගෙනුත් මම ඉල්ලනවා මේ වැඩපිළිවෙලට සහාය දෙන්න කියලා. මොකද අද රටේ තිබෙන තත්ත්වය ගැන එතුමා ඉතාම හොදින් දන්නවා. මාගේ මිත්‍ර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සියළු දෙනාගෙන්ම එම ඉල්ලීමම නැවත කරන්න කැමතියි." යනුවෙන් වික්‍රමසිංහ මහතා සියලු දෙනාටම රට ගොඩනැගීමට සහයවන ලෙස ආරාධනා කළේය.

Ranil Wickremesinghe attends a session at the parliament complex, Colombo, Sri Lanka Source: Tharaka Basnayaka/NurPhoto via Getty Images
රනිල් ජනපතිවූයේ ජනතා කැමැත්තේ විකෘතිවූ පිළිබිඹුවකින්: අනුර කුමාර
රනිල් ජනපතිවූයේ ජනතා කැමැත්තේ විකෘතිවූ පිළිබිඹුවකින් බව පවසමින් ජනපති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඔහුට සුබ පතමින් කෙටි කතාවක් පැවැත්වීය.
පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව මෙම ප්‍රතිඵලය ගැන තමාට විමතියට පත් නොවන නමුත් මහපොළොවේ යථාර්ථය එය නොවන බව ඔහු පැවසීය.
පොහොට්ටුවේ සභාපතිවරයාගේ හා පොහොට්ටුවේ ලේකම් වරයාගේ පිල් දෙක අතර පැවති මෙම ඡන්ද විමසීමෙන් කවුරු ජයගත්තත් පැවති විවේචනයට ලක්වූ ආණ්ඩුවේ පිළිබිඹුවක් නියෝජනය කළ බවද දිසානායක මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවෙන් පිටතට ගොස් මිනිසුන්ගේ මතය විමසන්නේ නම් මෙවන් ප්‍රතිඵලයක් නොලැබෙන බැවින් තනතුරු ලද අය ඒ ගැන සිතට ගෙන ජනතාවට අවශ්‍ය දේ ලබාදෙන්නට උත්සුක වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ජනතා කැමැත්තේ විකෘති පිලිබිඹුවක් බැවින් වැඩි කලක් මේ පාලනය සිදුකරන්නට අයිතියක් නැති බවත් ඉක්මනින් ජනවරමක් මත ආණ්ඩුවක් පත්කරන ලෙසත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.

Source: Supplied
ගාලු මුවදොර අරගලය දිගටම
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස ක්‍රියාත්මක අරගලය නොකඩවා ඉදිරියට කරගෙන යන බව එම අරගලයේ නිරත පිරිස් අද මාධ්‍ය වෙත පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නොවිය යුත්තක් බවත් රට බලාපොරොත්තුවන්නේ එවැනි දෙයක් නොවන බවත් ඔවුහු එහිදී පැවසුහ.
එනිසාම වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන තෙක් මෙම අරගලය නොකඩවා කරගෙන යන බවට ඔවුහු අවධාරණය කළහ.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙසට පත්වුණු බව නිවේදනය කිරීමෙන් අනතුරුව අරගලකරුවන් භාරයේ තවමත් පවතින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ ඔවුන් අද (ජූලි 20) සවස තම විරෝධය පලකළ අයුරු