SKIP TO MAIN CONTENT

රන්ජන්ට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඩුවම්

Ranjan Ramanayake sentenced to 4 years rigorous imprisonment
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කෙරිණ.

සිසිර ද අබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද (12/01) පෙරවරුවේ කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.

රාමනායක මහතා 2017 අගෝස්තු 21 වනදා අරලියගහ මන්දිරය අසලදී මාධ්‍ය හමුවේ, අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව, පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට ඔහු වරදකරු කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ලේ සභාපති සිසිර ද ආබෲ මහතා ප්‍රකාශ කළේ ය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now