SKIP TO MAIN CONTENT

රතුපස්වල වෙඩි තැබීම : බ්‍රිගේඩියර් ගුණවර්ධන 31 දා තෙක් රිමාන්ඩ්.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන ලබන මැයි  31 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා ඊයේ (25/05) නියෝග කළේය.

පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම,මීනීමැරීමට තැත් කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

වැලිවේරිය විරෝධතාව විසිරීම සඳහා යුද හමුදාව පැමිණ ඇත්තේ පොලිසියේ කැඳවීමකින් තොරව බවත් එම අවස්ථාවේ එම ස්ථානයේ සාමකාමී වාතාවරණයක් පැවති බවත් කලබලකාරී තත්ත්වයක් ඇති වීනම් එය විසිරවීමට පොලිස් කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ සුදානමින් තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

මිනීමැරීම් චෝදනා යටතේ ගුණවර්ධන සුරිය ආරච්චිලාගේ දොන් අනුර දේශප්‍රිය මහතා මැයි 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

සැකකාර බ්‍රිගේඩියවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන හෙයින් බී වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස බ්‍රිගේඩියවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඊට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now