SKIP TO MAIN CONTENT

අඩු ලංසු දෙන්න රවී උපදෙස් දුන් බව බැංකු තුනක් කියයි.

Ravi instructed state banks to bid low at bond auctions.
Source: Daily Mirror

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප‍්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (04/10) හෙළි කළහ.

රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යැයි කී ඔවුහු රවී කරුණානායක මහතාගේ මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකු වලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවද රාජ්‍ය බැංකු වලට විශාල පාඩු සිදුවු බවද වැඩිදුරටත් දැනුම් දුන්හ.

එහෙත් රාජ්‍ය බැංකු මඟින් එම අඩු ලන්සු ඉදිරිපත් කල කාල සීමාවේදී පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ට්‍රේෂරිස් සමාගම වැඩි ලන්සු ලබාදීම හේතුවෙන් එම සමාගමට බැඳුම්කර වෙන්දේසියේදී වාසි හිමිවූ බවද එම ප්‍රධානීහු සාක්ෂි ලෙසින් ප්‍රකාශකොට තිබේ.

බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබු ලංකා බැංකුවේ සභාපති රෝලන්ඞ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා, සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙන්ම එම බැංකු තුනේ නිලධාරීන් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි වලදී හිටපු මුදල්  ඇමති  රවී  කරුණානායක  මහතාගේ මැදිහත්වීම් හෙළි කළහ.

Daily Mirror පුවත් ඇසුරින් ....


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now