SKIP TO MAIN CONTENT

රවී ඉල්ලා අස්වෙයි.

Ravi Resigned
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය  රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර  පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ නාමයද සම්බන්ධ වී ඇති අතර ඒ හා සම්බන්ධ ප්‍රධාන චූදිතයා වන පර්පචුවෙල් ආයතනයේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවෙසක් ලබා ගැනීම  සම්බන්ධයෙන් ද රවී කරුණානායක අමාත්‍යවරයා පසුගිය සතියේදී බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රශ්න කරනු ලැබීය.

මේ හේතුවෙන් රවී කරුණානායක අමාත්‍යවරයාට සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන්නැයි පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් ඉල්ලීම් කර තිබිණි.

මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඊයේ ජනපති, අගමැති හා කරුණානායක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now