SKIP TO MAIN CONTENT

බැඳුම්කර කොමිසමට රවී නොපැමිණෙයි.

Sri Lanka Politics
Source: SBS

1 min read

Published

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට වත්මන් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට අද (26/07) බැඳුම්කර කොමිසමට පැමිණීමට දන්වා සිටිය නමුත් ඔහු අද එයට පැමිණීමට නොහැකි බව දන්වා ඇත.

ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගීවීමට ඇති හෙයින් මෙසේ  බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව බව ඔහු දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.

මේ අතර බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද එහි පැමිණියේය.

රවී කරුණානායක ඇමැතිවරයා ලබන අගෝස්තු 2 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින බව දන්වා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now