SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු පොලී අනුපාතිකය තවදුරටත් 1.5% (SBS සිංහල / වාර්තා)

Reserve Bank of Australia
The Reserve Bank board is not expected to increase the cash rate when it meets on Tuesday. (AAP) Source: AAP

1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

පොලී  අනුපාතිකය 1.5%ක් ලෙස තවදුරටත් නොවෙනස්ව තැබීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මාසික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අද (අප්‍රේල් 03දා) පැවති  අතර එහිදී තවදුරටත් පොලී  අනුපාතිකය මෙලෙස වාර්තා ගත පහල අගයක පවත්වාගෙන යාමට ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කර තිබේ.

විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු වැටුප් වර්ධනය ඉතා පහල අගයක පැවතීම මෙලෙස පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පහල අගයක පවත්වා ගෙන යාමට තීරණය කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූ බව ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සදහන් කරයි.

රැකී රක්ෂා කේෂ්ත්‍රයේ දියුණුවක් සහ ව්‍යාපාර කේෂ්ත්‍රයේ දියුණුවක් සමග 2018 වසරේ ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධන වේගයේ වැඩි වීමක් මධ්‍යම බැංකුව බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු ප්‍රධානී Philip Lowe සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now