SKIP TO MAIN CONTENT

පහුගිය ප්‍රශ්න අමතක කර ඉරාන ජනපති හමුවීමට එක පයින් කැමතියි : ඩොනල්ඩ් ට්‍රම්ප්

Donald Trump_Hassan Rouhani
Donald Trump_Hassan Rouhani Source: SBS Sinhala

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

පුර්ව කොන්දේසි වලින් තොරව ඉරාන ජනපති හසන් රව්හානි සමඟ සාකචකිරීමට තම සුදානම් බවද ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉරාන නයෂ්ටික නිපදවීම් සහ අත්හදාබැලීම් නතරකරලිම සඳහා ලෝක බලවතුන් සමඟ එක්ව හිටපු ඇමරිකානු ජනපති ඔබාමා විසින් ඉරානය සමඟ න්‍යෂ්ටික අත්හදාබැලීම් නතරකරලීමේ ගිවිසුමකට එළඹ තිබිණ. එහෙත් ඉරානය ගිවිසුමේ එකඟතාවලට පටහැනිව ක්‍රියාකරමින් තවදුරටත් නයෂ්ටික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට චෝදනා කරමින් ඇමරිකාව එම ගිවිසුමෙන් ඉවත් කරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය.

එහෙත් දෙරට අතර නැවත මිත්‍රත්වයක් ඇතිකරලීම සඳහා ඉරානය සුදානම් නම් තමා ද ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව සාකච්චා සඳහා සුදානම් බව ඇමරිකා ජනපති ඩොනල් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවති ප්‍රවෘති සාකච්චාවකදී පවසා සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now