SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ නිවසේ සිටින පියවරුන්ගේ සංඛ්‍යාව ඉහලට (SBS සිංහල / වාර්තා)

In response to new data from the Australian Institute of Family Studies, stay-at-home dad Ian Rose tells it like it is.
In response to new data from the Australian Institute of Family Studies, stay-at-home dad Ian Rose tells it like it is. Source: Getty Images

2 min read

Published

By Sanjaya Dissanayake



Skip to article content

ශ්‍රම බලකායෙන් ඉවත්වීම නිසා හෝ රැකියාව අහිමි වීම නිසා නිවසේ සිට දරුවන් බලාගන්න පියවරුන්ගේ සංඛ්‍යාව ඕස්ට්‍රේලියාව තුල සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ. Australian Institute of Family Studies නම් ආයතනය නිකුත් කල නවතම වාර්තාවකට අනුව සදහන් වන්නේ 2016 වසර වන විට නිවසේ සිට පවුලේ කටයුතු වලට සහාය  දෙන පියවරුන්ගේ සංඛ්‍යාව 80,000ක් වූ බවයි. වසර 5ක් තුල මෙම සංඛ්‍යාව සියයට 16කින් වැඩි වී ඇති බව සදහන්. නමුත් ඉදිරි වසර කීපය තුල මෙම සංඛ්‍යාව, මේ අයුරින් වැඩි නොවනු ඇති බව විශේෂඥ මතය වී තිබේ.

පියවරුන් නිවසේ සිටින පවුල් සිටින දරුවන් ගණන, අනෙකුත් පවුල් වල දරුවන් සංඛ්‍යාවට වඩා සාපේක්ෂව අඩු බව මෙම වාර්තාව පෙන්වා දෙන තවත් කරුණක්. තවද පියවරුන් නිවසේ සිටින පවුල්. මව්වරුන් නිවසේ සිටින පවුල් වලට වඩා  අඩු අදායමක් උපයන ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවද මෙම වාර්තාව පේනවා දී තිබේ. තවද මෙලෙස නිවෙස් වල සිටින පියවරුන් අනෙකුත් පියවරුන්ට සාපේක්ෂව වයසින් වැඩි බවත්, සමහරක් අය විවිධ අධ්‍යාපන කටයුතු වල නිරත බවත්, තවත් සමහරක් අය  විවිධ අබාධ හේතුවෙන් පීඩා  විදින බවත් මෙම වාර්තාවෙන් හෙළි වන තවත් වැදගත් කරුණු කීපයක්.

බොහෝ මව්වරුන් සේම, පියවරුන්ද තම රැකියාවන් සම්පුර්ණයෙන්ම අත්හරින්නේ නැතිව, ශ්‍රම බලකායට යම් දායකත්වයක් ලබාදෙමින් නිවෙසේ සිට දරුවන් බලාගන්නා පිරිසේ වැඩි වීමක් දක්නට ලැබෙන බව AIFS ජෙය්ෂ්ඨ පර්යේෂිකා ආචාර්ය Jennifer Baxter සඳහන් කරයි.

නමුත් ඇය  පවසන්නේ දීර්ඝ කාලීන  ප්‍රවනතාවයක් ලෙස නිවෙස් වල සිටින පියවරුන් වැඩි වුවහොත් එය යහපත් කරුණක් නොවන බවයි.  තවද මෙම සංඛ්‍යාව අනාගතයේදී  ඉහල යනු ඇතැයි  තමන් විශ්වාශ නොකරන බව ආචාර්ය Baxter වැඩි දුරටත් සදහන් කරයි.  


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now