ජීවන වියදම පියවාගැනීමට වාර්තාගත ඔස්ට්‍රේලියානුවාසීන් ප්‍රමාණයක් රැකියා කිහිපයක් කරන බව හෙළිවෙයි

මිනිසුන්ට තම බිල්පත් පියවා ගැනීම සඳහා විවිධ රැකියා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ප්‍රධානී Sally McManus ප්‍රකාශ කළාය.

A woman makes coffee

The ACTU says cost of living pressures mean many people have no other choice but to work multiple jobs. Source: AAP / JAMES ROSS

පසුගිය ජුනි කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 900,000ක් පමණ එක් රැකියාවකට වඩා කරන බව හෙළිවී තිබේ.

වැඩකරන ජනගහනයෙන් 6.5% ක් පසුගිය කාර්තුවේදී බහු රැකියාවල නියුක්තව සිටි බව මෙයින් අදහස් කෙරේ.

මෙය කාර්තුමය ගණන් බැලීම 1994 දී ආරම්භ වූ දා සිට ලැබුණු ඉහළම අනුපාතය වන අතර පූර්ව වසංගත මට්ටමට වඩා එය 0.5% ක් පමණ ඉහල අගයක් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ශ්‍රම සංඛ්‍යාලේඛන ප්‍රධානී Lauren Ford පැවසුවාය.

මිනිසුන්ට තම බිල්පත් පියවා ගැනීම සඳහා විවිධ රැකියා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ප්‍රධානී Sally McManus ප්‍රකාශ කළාය.

ජුනි කාර්තුවේදී උද්ධමනය 6.1% දක්වා ඉහළ යාමත් සමඟ ජීවන වියදම් ඉහළ යාමෙන් ගෘහස්ථ අයවැයට බරපතල පහරක් වැදී තිබේ.

මෙය ඔස්ට්‍රේලියාවේ විශාලතම ව්‍යාපාරවල ලාභය අඛණ්ඩව ඉහළ යන මොහොතක් වන අතර ශ්‍රම ඵලදායිතාව දශකයක් තුළ ඉහළම මට්ටමක පවතින අවස්ථාවක් බව McManus පැවසුවාය.

මෙය ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන නීති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරන බවත් එවිට වැටුප් නැවත වැඩිවනු ඇති බවත් ඇය පැහැදිලි කළාය.

රැකියා පුරප්පාඩු

පසුගිය කාර්තුවේ ශ්‍රම සංඛ්‍යාලේඛන තුල අතිශය තරඟකාරී ශ්‍රම වෙලඳපොලක් පිලිබිඹු වූ අතර, රැකියා පුරප්පාඩු පිරවීම 2.2% කින් වැඩි වී ඇත.

එමෙන්ම රැකියා පුරප්පාඩු 3.1% කින් ඉහල ගොස් ඇත.

මාර්තු කාර්තුවේදී COVID-19 සහ ගංවතුර හේතුවෙන් ශ්‍රම බලකායට බලපෑමක් සිදුවීමෙන් පසු කාර්තුව තුළ වැඩ කරන පැය ගණන 2.9% කින් ඉහළ ගියේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඉහළ පොලී අනුපාත අවසානයේ මිනිසුන්ගේ සම්පුර්ණ ආදායමම ලබා ගැනීමට පටන් ගන්නා අතර වියදම් පාලනය කිරීමට නිවැසියන්ට බල කිරීමක් සිදුකරන බව NAB ආර්ථික විද්‍යාඥ Alan Oster පැවසුවේය.

මෙය 2022 අගභාගය වන තුරු අවසන් නොවන බවත් 2023 පාරිභෝගිකයින්ට සහ සිල්ලර වෙළෙඳ අංශයට මන්දගාමී වසරක් විය හැකි බවත් ඔහු පැවසීය.

ඉහළ යන පොලී අනුපාත නිවාස ණය හිමියන්ට හානියක් විය හැකි නමුත් ඉතිරි කරන්නන් අවසානයේ හොඳ පොලී අනුපාත ලබා ගන්නා බව එයින් අදහස් වේ.

ඉතිරි කරන්නන් සඳහා ඉහළ පොලී අනුපාත

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට ප්‍රථමයෙන් ආරම්භ කළ විට, බැංකු සාමාන්‍යයෙන් නිවාස ණය හිමියන්ට ඉහළ පොලී අනුපාත ලබා දීමට ඉක්මන් වූ නමුත් ඉතිරි කරන්නන් සඳහා එය ක්‍රියාත්මක කිරීමට එතරම් කැමැත්තක් නොවීය.

කෙසේ වෙතත්, ඇතැම් බැංකු දැන් ඉතිරි කරන්නන් පසුපස හඹා යන බව RateCity පර්යේෂණ අධ්‍යක්ෂ Sally Tindall පැවසුවාය.

ඉහළ යන නිල පොලී අනුපාතය හේතුවෙන් නිවාස ණය පිරිවැය වර්ධනය වීමත් සමඟ, ඉතිරි කරන්නන්ගේ තැන්පතු අරමුදල් වැඩි වැඩියෙන් වැදගත් කොටසක් බවට පත්වෙමින් පවතින බව ඇය ප්‍රකාශ කළාය.

"අප පුරුදු වී ඇති බැංකු නොවන ණය දෙන්නන් වෙනුවට අඩුම පොලී අනුපාත නිවාස ණය සපයන්නන් දැන් මූලික වශයෙන් බැංකු වන්නේ එබැවිනි," ඇය පැවසුවාය.

මේ වන විට ඉතිරි කරන්නන් සඳහා 3.6% ක් තරම් ඉහළ පොලී අනුපාත ලබා දෙන බවද වාර්තා වේ.


3 min read

Published

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now