SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවමින් ලාබාලතම Rekindling, 2017 Melbourne Cup ජය ගනී.

Melbourne Cup  2017
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවමින් මෙවර Melbourne Cup තුරඟ තරගය ජයග්‍රහණය කිරීමට මහා බ්‍රිතාන්‍යයේ Rekindling තුරඟා අද සමත් විය.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම තුරඟ තරඟය වන Melbourne Cup තුරඟ තරගය අද (07/11) පස්වරු 3 ට මෙල්බන් නුවර  Flemington තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

Rekindling යනු එම තරගය සඳහා සහභාගී වූ ලාබාලතම තුරඟා වූ අතර ඔහුගේ වයස අවුරුදු 4 කි.

Rekindling ව පුහුණු කරන ලද්දේ වයස අවුරුදු 24 ක් වන ලාබාල තුරඟ පුහුණුකරුවෙකු වන Joseph O'Brien වීමද අද තරගයේ තවත් විශේෂත්වයකි.

Rekindling ව ධාවනය කළ අසරුවා Corey Brown වූ අතර ඔහු 2009 පැවති Melbourne Cup තරගයද ජයග්‍රහණය කර තිබීම තවත් සුවිශේෂී කරුණකි.

මෙම තරගයේ දෙවැනි ස්ථානය Johannes Vermeer නමැති තුරඟා දිනාගත් අතර Max Dynamite නමැති තුරඟා තුන්වන ස්ථානය ජයග්‍රහණය කළේය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now