ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවමින් ලාබාලතම Rekindling, 2017 Melbourne Cup ජය ගනී.

Melbourne Cup  2017

Source: Getty Images

ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවමින් මෙවර Melbourne Cup තුරඟ තරගය ජයග්‍රහණය කිරීමට මහා බ්‍රිතාන්‍යයේ Rekindling තුරඟා අද සමත් විය.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම තුරඟ තරඟය වන Melbourne Cup තුරඟ තරගය අද (07/11) පස්වරු 3 ට මෙල්බන් නුවර  Flemington තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

Rekindling යනු එම තරගය සඳහා සහභාගී වූ ලාබාලතම තුරඟා වූ අතර ඔහුගේ වයස අවුරුදු 4 කි.

Rekindling ව පුහුණු කරන ලද්දේ වයස අවුරුදු 24 ක් වන ලාබාල තුරඟ පුහුණුකරුවෙකු වන Joseph O'Brien වීමද අද තරගයේ තවත් විශේෂත්වයකි.

Rekindling ව ධාවනය කළ අසරුවා Corey Brown වූ අතර ඔහු 2009 පැවති Melbourne Cup තරගයද ජයග්‍රහණය කර තිබීම තවත් සුවිශේෂී කරුණකි.



මෙම තරගයේ දෙවැනි ස්ථානය Johannes Vermeer නමැති තුරඟා දිනාගත් අතර Max Dynamite නමැති තුරඟා තුන්වන ස්ථානය ජයග්‍රහණය කළේය.

SBS පුවත් ඇසුරෙනි.


Share

1 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service