SKIP TO MAIN CONTENT

විජයදාස ඉවත් කරන ලෙස ජනපතිට දන්වයි.

Remove Wijeyadasa : UNP requested from President.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ලිඛිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (22/08) ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විජයදාස මහතා ගැන විශ්වාසයක් නැතැයි ඒකමතිකව තීරණය වූ නිසා විජයදාස මහතා මෙලෙස එම අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස එජාපය ජනපතිවරයාට දැනුම් දී තිබෙන අතර රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට ජනපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව අධිකරණ අමාත්‍ය ධුරයෙන් පමණක් නොව බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ද ඒ මහතා ඉවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව සාමුහික වගකීම කඩ කිරීම නිසා ඔහුට නැවත කිසිම අමාත්‍ය ධුරයක් නොදීමට ද එජාපය තීරණය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now