කොරෝනා නිසා ගැටළු වලට මුහුණ දී ඇති ඕස්ට්‍රේලියානු ව්‍යාපාර වල ගොඩනැගිලි කුලී සදහාත් රජයෙන් සහන (SBS සිංහල/ වාර්තා)

s

Source: AAP

කොරෝනා වසංගතය නිසා වසා දැමීමට සිදුව ඇති ව්‍යාපාර වල අඩුව ඇති ආදායම අනුව ඔවුන්ගේ ගොඩනැගිලි සදහාත් වන කුලී ගාස්තු අඩු කිරීමට ඕස්ට්‍රේලියානු රජය අවස්තාව ලබා දී තිබේ. අග්රාමාත්යවරයාත් ප්‍රාන්ත හා Territory නායකයින්ද මෙම mandatory code of conduct for commercial tenancies යනුවෙන් හැඳින්වෙන නීති සම්මත කර ගැනීම සදහා එකග වී තිබේ. මෙය කුලී නිවාස හිමියන් සදහා බලපාන නීතියක් නොවේ.

මෙම සහනය ලබා ගත හැක්කේ එම ගොඩනැගිලි හිමියන් හා එම කුලී හිමියන් රජයේ JobKeeper සදහා සුදුසුකම් ලබා ඇති හා වාර්ෂික ආදායම ඩොලර් මිලියන 50ක් හෝ ඊට අඩු වන ව්‍යාපාර වලටයි. ඒ අනුව එම ගොඩනැගිලි හිමියන්ට ව්‍යාපාරයේ ආදායම් අඩු වීම සමග කුලී ගාස්තු අඩු කිරීමට සිදුවේ.  ඒ අනුව කුලී ගෙවන ව්‍යාපාර කුලී ගිවිසුම බිද දැමිය යුතු  නොවේ.

 එසේම මෙහිදී මැදිහත්වීම් සම්බධව තීරණ ප්‍රාන්ත වෙත පවරනු බවද වාර්තා වේ. එසේම අද දින මුල්‍ය අමාත්‍ය Mathias Cormann පවසා ඇත්තේ මෙම ව්‍යසනය හමුවේ කුලී හිමියන්ට සහන ලබා දෙන දේපොළ හිමියන්ට ඉඩම් බදු සහන ලබා දීමේ අදහසක් ඇති බවයි. මේ සදහා දේපොළ ක්ෂේස්ත්‍රයෙන් එතරම් කැමැත්තක් නැති බවත් වාර්තා වේ. Mathias Cormann පවසන්නේ කුලී නිවැසියන් හා දේපොළ හිමියන් එක්ව එකගතාවයකට පත්වීම අවශ්‍ය  බවයි.

Corman මහතා පවසන්නේ මෙසේ කුලී හිමියන්ට සහය සපයන දේපොළ හිමියන්ට ඉඩම් බදු සහන හෝ ඒවා කල් දැමීමට අවස්තාව ලබා දීමට කටයුතු කරන බවයි. නමුත් මෙම ව්‍යසන අවස්ථාවේ දේපොළ හිමියන් නිසි තීරණය ගෙන කටයුතු කරනු ඇති බවට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

රජය මේ වන විටත් කුලී ගෙවීමට නොහැකි කුලී නිවෙස් වාසීන් නිවසින් ඉවතට දැමීමට නොහැකි ලෙස නීති පනවා තිබේ. නමුත් කුලී නිවෙස් හිමියන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ රජය විසින් තවදුරටත් සහය ලබා දිය යුතු බවයි.

Source: SBS News

 


Share

Published

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service