Residential tenancy agreement ගිවිසුම
Residential tenancy agreement යනුවෙන් හැඳින්වෙන ගිවිසුම නීතිමය ලියවිල්ලකි. එමගින් ඔබ ගෙවිය යුතු කුලී ගාස්තුව, ඔබේ කුලී කාල සීමාව, ඔබ මුලින් තැන්පතුවක් ලෙස ගෙවිය යුතු බැඳුම්කරය ආදී තොරතුරු අඩන්ගු වේ. ඔබට තේරුම් ගත නොහැකි කිසිදු ලියවිල්ලක් අත්සන් නොකරන්න.

ඔබේ කුලී බැඳුම්කරය ගෙවන්න
මෙය ඔබේ කුලී ගාස්තුවට අමතරව ඔබ ඔබේ නිවෙස් හිමියාට ගිවිසුමේ පරිදි කටයුතු නොකරන විට ලබා ගත හැකි ආරක්ෂාවක් ලෙස සැලකිය හැකියි. Victoria හි දී මෙම බැඳුම්කරය Residential Tenancies Bond Authority මගින් ඔබේ කුලී කාලය අවසන් වන තුරු තබා ගනී.

නිවසේ තත්වය පිලිබද වාර්තාව
ඔබ නිවෙසට පදිංචියට ගොස් දින 7ක් තුල නිවසේ තත්වය පිලිබඳ වාර්තාව ඔබේ දේපල වෙළඳ ඒජන්තට ලබා දෙන්න . ඔවුන් හා ඔබ එම තත්වය පිලිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි.

සියලු ලියකියවිලි වල පිටපත් තබා ගන්න
ඔබේ ගිවිසුම, තත්ත්ව වාර්තා සහ අනෙකුත් නිවාස පිලිබඳ ගනුදෙනු කල ලියකියවිලි වල පිටපත් තබා ගන්න

ඔබේ අයිතීන් හා වගකීම් පිලිබඳ දැනුවත් වන්න
උදාහරණයක් ලෙස NSW හි කුලී ගාස්තු ඉහල දැමීම හෝ නිවෙසේ අඩුපාඩු සම්පුර්ණ නොකිරීම පිලිබඳ NSW Civil and Administrative Tribunal වෙත පැමිණි කල හැකියි

පහත වෙබ් අඩවි වලින් වැඩි විස්තර දැන ගත හැකියි

