පිරිමින් අත්විඳින අනුපාතයට වඩා දෙගුණයක ලිංගික හිරිහැරවලට ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් ලක්වන බව අනාවරණය වී තිබේ.
මාර්තු 08 වනදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිකුත් කළ පළමු වාර්ෂික කාන්තා තත්ත්ව වාර්තාව මේ බව හෙළිදරව් කර ඇත.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවය
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රගතිය මෙම වාර්ෂික වාර්තාවෙන් ඉදිරිපත් කෙරේ.
ඔස්ට්‍රේලියාවේ තවමත් සුවිශේෂී අභියෝගවලට මුහුණ දෙන කාන්තාවන් සහ ගැහැණු ළමුන් සිටින බව එයින් පෙන්නුම් කෙරිණි.
මේ අතර නිවාස නොමැති ඔස්ට්‍රේලියානුවන් අතර වයස අවුරුදු 55 ට වැඩි කාන්තාවන් වේගයෙන්ම වර්ධනය වන කණ්ඩායම බවට පත්වී ඇත.
ලෝක ආර්ථික සංසදයට අනුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ඔස්ට්‍රේලියාව ලෝකයේ 43 වැනි ස්ථානයට පත්වී ඇති අතර ඒ සඳහා මෙම සාධක දායක වී තිබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
අසමානතාවය පවතින බව විශ්වාස නොකිරීම
ඔස්ට්‍රේලියානු පිරිමින්ගෙන් 30% ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවය පවතින බව විශ්වාස නොකරන බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
එය එම ඛාණ්ඩයේ ගෝලීය සාමාන්‍ය අගය වන 21%ට වඩා වැඩිය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් තිබෙනවා යන්න සහ එයට පිළියම් යෙදිය යුතුයි යන්න ඒත්තු ගැන්වීමේ අභියෝගය මේ හරහා තවත් විශාල කරයි.
ඔස්ට්‍රේලියාවේ බලය හොබවන වත්මන් කම්කරු පක්ෂ රජය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම ජාතික ප්‍රමුඛතාවයක් බවට පත් කිරීමට කැපවී සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඇමතිනි Katy Gallagher පැවසුවාය.
"යථාර්ථය නම්, ඔස්ට්‍රේලියාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ යම් ජයග්‍රහණ ලබා ගනිමින් සිටින නමුත් තවමත් එහි ඉලක්කය කරා ගමන් කර නොමැති අතර, කාන්තා ජීවිතයේ ඇතැම් පැතිවල, ප්‍රගතිය ඇනහිට තිබෙනවා," ඇමතිනි Katy Gallagher ප්‍රකාශ කළාය.
ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ අවංක සංවාදයක් ඇති කිරීමට මෙම සංඛ්‍යා දත්ත ඉතා වැදගත් බවද ඇය අවධාරණය කළාය.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ "සමස්ත ප්‍රජාවගේ" ක්‍රියාවන්ට මග පෙන්වීම සඳහා ජාතික උපාය මාර්ගයක් මේ වසරේ දෙවන භාගයේදී කම්කරු පක්ෂ රජය විසින් නිකුත් කරනු ඇත.
ඔස්ට්‍රේලියාවේ කාන්තාව පිළිබඳ 2023 ප්‍රගති වාර්තාවේ සාරාංශය
- ජනගහනයෙන් 3.9% කට ඇබොර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසී සම්භවයක් ඇත.
- 28.3% ක් විදෙස් රටක උපත ලබා ඇති අතර 48.5% කට දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ විදෙස් රටක උපත ලබා ඇත.
- 29.4% ක් වයස අවුරුදු 25 ට වඩා අඩුය. 18% ක් වයස අවුරුදු 65 ට වඩා වැඩිය.
- 17.8% ක් ආබාධිත තත්ත්වයේ පසුවෙති.
- 28.4% ක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය හෝ දුර බැහැර කලාපවල වාසය කරති.
- 4.6% සමලිංගික හෝ ද්වීලිංගික ලෙස හඳුනා ගනී.
- එක් දෙමාපියෙක් සිටින පවුල්වල 79.9% ක් තනි මව්වරුන් (single mothers) වේ.
- OECD රටවල තෘතීයික අධ්‍යාපනය ලැබූ කාන්තාවන්ගේ 4 වැනි ඉහළම ස්ථානය ඔස්ට්‍රේලියාව සතුය.
- සාමාන්‍යයෙන් වයස අවුරුදු 15-64 අතර කාන්තාවෝ සතියකට පැය 55.4ක් වැඩ කරති. මෙයින් පැය 34.7ක් සඳහා ගෙවීමක් නොමැත. වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන්ගෙන් 59.9%ක් රැකියාවල නිරත වේ.
- යෞවනයන්ගෙන් 22% ක් විශ්වාස කරන්නේ පිරිමින් සබඳතා පාලනය කළ යුතු බවය. තරුණයින්ගෙන් 36% ක් විශ්වාස කරන්නේ ගැහැනුන් පිරිමියා පාලනය කිරීමට කැමති බවය.
- සෑම කාන්තාවන් 2 දෙනෙකුගෙන් 1 අයෙකු සහ සෑම පිරිමින් 4 දෙනෙකුගෙන් 1 අයෙකු තම ජීවිත කාලය තුළ ලිංගික හිරිහැරවලට මුහුණ දී ඇත.
- සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් 1 අයෙකු සහ සෑම පිරිමින් 13 දෙනෙකුගෙන් 1 අයෙකු තම ජීවිත කාලය තුළ ලිංගික රචණ්ඩත්වය අත්විඳ ඇත.
- පසුගිය වසර 10 තුළ තරුණ ගැහැණු ළමයින් හිතාමතාම ස්වයං-හානිකරගෙන රෝහල් ගතවීම් තුන් ගුණයකින් වැඩි වී ඇත.
- උපාධිය ලැබීමෙන් පසු ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් ඇති වේ, පූර්ණ කාලීන රැකියාවක ආරම්භක වැටුප් සාමාන්‍යයෙන් පිරිමින් සඳහා ඩොලර් 69,000 ක් සහ කාන්තාවන් සඳහා ඩොලර් 67,000 කි.
- දරු ප්‍රසූතියෙන් පසු වසර 5 ක් තුළ මවගේ ඉපැයීම් 55% කින් අඩු වන අතර පිරිමින්ගේ නොවෙනස්ව පවතී.
- සෑම වයස් ඛාණ්ඩයකම කාන්තාවන් පිරිමින්ට වඩා සතියකට පැය 9ක් වැටුප් නොලබන වැඩ සහ රැකබලා ගැනීම් සඳහා වැය කරයි.
- පිරිමින්ට වඩා කාන්තාවන් වැටුප් නොලබන ගෙදර දොරේ වැඩ කරයි.