SKIP TO MAIN CONTENT

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි.

Request to summon Maj. Gen. Shavendra Silva rejected by court.
Source: Asian Tribune

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව පැවසෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ  සිද්ධිය  සම්බන්ධයෙන් විභාග වන නඩුවට එවකට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් දිසා විනිසුරු මොහොමඩ් සම්සුඩීන් මහතා ඊයේ (31/03) ප්‍රතික්ෂේප කළේය.

2009 අවසන් යුද්ධ සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර කළ බව කියන එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් බවට එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිදරන් මහත්මිය ඇතුළු පිරිසක් habeas corpus පෙත්සමක් ගොනු කර තිබිණි.

මෙහිදී 58 වන සේනාංකය බාරව සිටි හිටපු මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණේ හමුදාව වෙත බාරවූවන් පිළිබද තමා කිසිවක් නොදන්නා බවත් අවසන් යුද සමයේදී 58 වන සේනාංකය බාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා බවත් ය.

එම ඉල්ලීමට බහුතර විරෝධයක් මතුවන හෙයින් තමාට ශවේන්ද්‍ර සිල්වා මහතාට   නොතිසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ මීලඟ නඩු විභාගයේදී තීරණය කරන බවත් දන්වමින් මෙම නඩුව ලබන අප්‍රේල් 27 වනදා දක්වා කල් දැමීමට දිසා විනිසුරුවරයා නියෝග කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now