ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව තවත් 0.25% කින් පොලී අනුපාත වැඩි කරන බව මාර්තු 07 දැනුම් දුන් අතර ඒ අනුව නිල මුදල් අනුපාතිකය 3.6% දක්වා ඉහළ නංවා ඇත.
අඛණ්ඩව 10 වැනි වරටත් සිදුකළ මෙම ඉහළ නැංවීම වසර 11ක් තුළ ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළම අගයට ගෙන එයි.
මෙම පොලී අනුපාත වැඩිවීම දැනටමත් ජීවන වියදම් සහ පොලී අනුපාත ඉහළ යාමේ පිරිවැය හේතුවෙන් පීඩාවට පත් නිවාස ණය හිමියන්ට වැඩි පීඩනයක් ඇති කරනු ඇත.
2022 අප්‍රේල් මාසයේ තත්ත්වය හා සසඳන විට මේ වන විට ඩොලර් ලක්ෂ 5 ක නිවාස ණයක් හිමි අයෙකුට මසකට ඩොලර් 1000කට වඩා වැඩිපුඅර ගෙවීමට සිදුවනු ඇතැයි මුල්‍ය සංසන්දනාත්මක වෙබ් අඩවියක් වන Finder විශ්ලේෂණයක් පෙන්නුම් කරයි.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය මැඩපැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව (RBA) ආක්‍රමණශීලී ලෙස පොලී අනුපාත ඉහළ නංවා ඇති අතර, දෙසැම්බර් කාර්තුවේ දී බලාපොරොත්තු වූවාට වඩා උද්ධමනය 7.8% ක ඉහළ අගයකට පැමිණ ඇත. එය 1990 සිට එහි ඉහළම මට්ටම වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
පෙබරවාරි මස තම ප්‍රකාශයේදී පොලි අනුපාත ඉහළ දමන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසුවේය.

උද්ධමනය [2-3%] ඉලක්කයට ආපසු පැමිණීම සහතික කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම අවශ්‍ය වනු ඇතැයි මධ්‍යම බැංකු මණ්ඩලය අපේක්ෂා කරන බවත් මෙම ඉහළ උද්ධමනයේ කාලසීමාව තාවකාලික බවත් ඔහු පැවසීය.
"තවත් පොලී අනුපාත වැඩි කළ යුත්තේ කවදාද සහ කොපමණ දැයි තක්සේරු කිරීමේදී, මණ්ඩලය ගෝලීය ආර්ථිකයේ වර්ධනයන්, ගෘහස්ත වියදම්වල ප්‍රවණතා සහ උද්ධමනය සහ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ ඉදිරි දැක්ම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇති." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

පහළ උද්ධමනයේ ඉලක්කයට ආපසු පැමිණීමේ අරමුණ තුළ මධ්‍යම බැංකු මණ්ඩලය අධිෂ්ඨානශීලීව සිටින අතර එය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය දේ කරනු ඇතැයිද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසුවේය.
පෙබරවාරි ප්‍රකාශයට අනුව ඇඟවෙන පරිදි උද්ධමනය [2-3%] ඉලක්කගත පරාසයකට ආපසු පැමිණීමට සහ ඉහළ උද්ධමනය ශක්තිමත් වීම නැවැත්වීමට අවම වශයෙන් තවත් පොලී අනුපාත ඉහල දැමීම් දෙකක් හෝ අවශ්‍ය වනු ඇති බවය.

නමුත් එතැන් සිට, නිල දෙසැම්බර් කාර්තුවේ වැටුප් සහ ජාතික ගිණුම් දත්ත බලාපොරොත්තු වූවාට වඩා මෘදු වී ඇති අතර, පොලි අනුපාත ඉහළ දැමීමේ විරාමයක් මුලින් සිතුවාට වඩා ආසන්න යැයි අනුමාන කරයි.

