SKIP TO MAIN CONTENT

කොරෝනා අවදානමක් නිසා මෙල්බර්න් suburbs 5 ක වැසියන්ට කොරෝනා පරීක්ෂාවන් සිදු කරගන්නා ලෙස ඉල්ලීමක්

Healthcare workers at a Covid19 testing facility in Shepparton, VIC
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

පාසැල් සිසුවෙකු හට කොරෝනා වැළඳීම හේතුවෙන් උතුරු මෙල්බර්න් ප්‍රදේශයේ පාසැලක් වසා දැමේ.

කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණු මෙම පාසැල් දරුවා නිවසේ ස්වයං නිරෝධානයන ලක් වියයුතුව තිබුනද මෙම සතියේ සඳුදා සහ අඟහරුවාදා යන දින දෙක තුල පාසැලට පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් East Preston Islamic College මෙසේ වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.

එසේම මෙල්බර්න් හි උතුරු ප්‍රදේශයේ ඩලස් ප්‍රදේශයේ පිහිටා ඇති Brooks ප්‍රාථමික පාසැලද කොරෝනා සම්බන්ධ සමීප ආශ්‍රිතයෙකු හඳුනා ගැනීම නිසා පිරිසිඳු කිරීමේ කටයුතු වෙනුවෙන් තාවකාලිකව වසා දමා තිබේ.

මෙම තත්ත්වය මත මෙල්බෙර්න් හි උතුරු කලාපයට අයත් Dallas, Roxburgh Park, Broadmeadows, Preston සහ West Heidelberg යන උප නගර වාසීනට කොරෝනා සම්බන්ධ සුළු හෝ රෝග ලක්ෂණ ඇතැයි සැක සහිත නම් වහාම අදාල පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට දැනුම් දී සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now