SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට අද (24/09) සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර

(AAP Image/Kelly Barnes) South Australia has closed it borders and people must go into 14 day isolation due to the COVID-19 virus.
South Australian Police stopping vehicles near the SA border 5kms east of Pinnaroo, South Australia.| (AAP Image/Kelly Barnes) Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

අද සිට (24/09) ක්‍රියාත්මක වන පරිදි, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය සඳහා තම ප්‍රාන්ත සීමා විවෘත කිරීමට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තීරණය කරයි.

ඒ අනුව නිරෝධායනය වීමකින් තොරව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු වීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත වැසියනට අද සිට අවකාශ සැලසෙයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තුල කොරෝනා වෛරසය ප්‍රජාව තුල සම්ප්‍රේෂණය වීමක් දක්නට නොලැබීම සහ සංචරණය හේතුවෙන් තම ප්‍රාන්තය තුල ආර්ථිකය ඉහල නැංවීමට මග පෑදීම යන කාරනා සැලකිල්ලට ගනිමින් මෙලෙස ප්‍රාන්ත සීමා ලිහිල් කිරීමට කටයුතු කල බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය ස්ටීවන් වේඩ් පවසා සිටී.

මේ වන විට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර නොලැබී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත වැසියනට පමනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now