2017 AFL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට Richmond Tigers සහ Adeliade Crows කණ්ඩායම් සති අන්තයේදී සමත් විය.
Adeliade Crows කණ්ඩායම Geelong Cats කණ්ඩායම පරාජයට පත් කරමින් මෙලෙස AFL අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ වසර 19 කට පසු වීම විශේෂ සිදුවීමක්.
පසුගිය සෙනසුරාදා (23/09) GWS Giants කණ්ඩායම පරාජයට පත් කල Richmond Tigers කණ්ඩායම මෙවර AFL අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සමත් වූ අනෙක් කණ්ඩායම වූ අතර ඔවුන් AFL අවසන් මහා තරගයකට සුදුසකම් ලැබුවේ වසර 35කට පසුව වීම අනෙක් සුවිශේෂී කරුණ වෙයි.
2017 AFL අවසන් මහා තරගය සැප්තැම්බර් මස 30 වන දින මෙල්බන් නුවර MCG ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.