SKIP TO MAIN CONTENT

100,021 ක ජනකායක් මධ්‍යයේ වසර 37 කට පසුව Richmond Tigers, AFL කුසලානය ජය ගනියි.

AFL grand final 2017
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News, ABC News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩාවේ මහා මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් AFL අවසාන මහා තරගයේ  2017 කිරුළු පළඳින්නට Richmond Tigers කණ්ඩායම අද (30/09) සමත් විය.

Adelaide Crows කණ්ඩායම 108 – 60 ක් ලෙස පරාජයට පත් කරමින් Richmond Tigers මෙවර AFL කුසලානය දිනාගනු ලැබුවේ වසර 37 කට පසුවීමද විශේෂත්වයකි.

Richmond Tigers අවසාන වරට AFL කුසලානයක් දිනාගනු ලැබුවේ 1980 වසරේ Collingwood කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඔවුන් 1982 වසරේදීද AFL අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ නමුත් Carlton කණ්ඩායම අතින් ඔවුන් පරාජයට පත් විය.

අද පැවති AFL අවසාන මහා තරගය නැරඹීමට මෙල්බන් නුවර MCG ක්‍රීඩාංගනයට 100,021 ක ප්‍රේක්ෂකයින් පැමිණ සිටි බවත් සමස්ත ක්‍රීඩාංගනයම පිරී ඉතිරී ගිය බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now