SKIP TO MAIN CONTENT

මහර බන්ධනාගාරයේ ගැටුමින් මියගිය රැඳවුවන් ගණන 8 දක්වා ඉහලට: බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යවරියගේ තනතුර වෙනස් කෙරේ

Riots at Sri Lankan prison leaves at least eight dead, over 50 injured

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: Reuters


Skip to article content

මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවුණු නොසන්සුන්තාව නිසා ඇතිවූ ගැටුමින් මියගිය බන්ධනගාර රැඳවුවන් ගණන 8ක් දක්වා ඉහල යයි. ගැටුමින් තුවාල ලැබූ බන්දනාගාර රැඳවුවන් ගණන මේවන විට 71 දක්වා ඉහල ගොස් තිබේ. මොවුන් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම තුවාල ලැබූ පුද්ගලයින් 71 දෙනා අතරින් 26 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවටද හෙළිව තිබේ. 

එම නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ උදෑසන වන විට සම්පූර්ණයෙන් මැඬ පැවැත්වීමට ආරක්ෂක අංශ සහ බන්ධනාගාර නිලධාරීන් සමත්වූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි 

මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය විමර්ශන කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කටයුතු කොට තිබේ. 

එම කමිටුවට, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන , අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා, අධිකරණයේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත,නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ ය යන අයවළුන් පත්කොට ඇත. 

එම කමිටුව විසින් සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ද, මාසයක් ඇතුළත කෙටි කාලීන හා දීර්ඝ කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු ව තිබේ.

තවද , මෙම සිදුවීම සම්බන්දව විශේෂ පරීක්ෂණයක් ශ්‍රී ලංකා අපරාද පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද ආරම්භ කොට තිබෙන බව වාර්තා වේ. 

මේ අතර මේ වන තෙක් බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසට කටයුතු කල  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරියගේ විෂය පථය වෙනස්කොට තිබේ. ඒ අනුව ඇය ඊයේ දිනයේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now