ඉහළ යන උෂ්ණත්වය සහ වියළි සුළං මගින් දැඩි තාප තරංග ඇතිවීම හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙහි ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ නංවනු ඇතැයි අනාවැකි පලව ඇත.
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙහි වර්ධනය වුනු ලැව්ගිනි තත්වය හේතුවෙන් නිවාස 100 ක් පමණ විනාශ වී ඇතැයි වාර්තා වේ.
කාලගුණ විද්‍යා කාර්යාංශයේ රෝස් බාර් පවසන්නේ අද (Dec 26) සහ සෙනසුරාදා (Dec 28)අතර කාලසීමාවේදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශවල දැඩි තාප තරංග වර්දනය වීමේ අවධානමක් පවතින බවයි.
මේ අතර හෙට දිනයේදී (Dec 27) දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් දක්වා ඉහළ යාමට පෙර Adelaide Hills ප්‍රදේශාශ්‍රිතව හෙක්ටයාර 25,000 ක ප්‍රදේශයක් පුර පැතිර ඇති ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් අද දිනයේ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තාවේ.
ලැව්ගිනි හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලිය ප්‍රාන්තයේ නිවාස 84 ක් සහ තවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ වී ඇති අතර එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
අද දිනයේදී (Dec 26) දකුණු ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ලෙසට පුරෝකථනය කොට ඇති අතර මේ හේතුවෙන් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවලට අධික තාප තරංග තත්වයන් බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

