SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්තයේ Fitzroy ගංගාවේ ජල මට්ටම තවත් ඉහළට. Rockhampton ප්‍රදේශයේ නිවාස 300ක් ජලයෙන් යටවේ.

Rockhampton's flooded Fitzroy River to peak at midday
Source: ABC Australia

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Rockhampton ප්‍රදේශයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට නිවාස හා ව්‍යාපාරික ස්ථාන 300 ක් පමණ ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

මේ අතර මධ්‍යම ක්වීන්ස්ලන්තයේ Rockhampton කලාපයේ Fitzroy ගංගාවේ ජල මට්ටම අද මධ්‍යහනය වන විට තවත් ඉහළ යනු ඇති බවට අනුමාන කෙරේ.

Fitzroy ගංගාවේ ජල මට්ටම පසුගිය දින කිහිපය තුළම කෙමෙන් කෙමෙන් ඉහළ නගිමින් පැවතුණු අතර අද (06/04) අලුයම වන විට එය මීටර් 8.7 ක් දකවා ඉහළ නැග තිබුණි.

එහි උපරිමය වන මීටර් 9 දක්වා එය ඉහළ නගිනු ඇති බව විශ්වාස කෙරේ.

එළඹෙන සති අන්තය වන තෙක් ඉහළ ගිය ජල මට්ටම මෙලෙසම පවතිනු ඇති බව ජ්‍යෙෂ්ඨ ජල විශේෂඥ Charlotte Faulkner පැවසුවාය.

කුඩා ළමුන් ගංවතුරෙන් ඈත් කර තබන මෙන් බලධාරීන් ඉල්ලා සිටින අතර Fitzroy ගංගාවේ ජල මට්ටම ඉහළ යාම ප්‍රමාද වීම නිසා අවට පදිංචිකරුවන් හට ආරක්‍ෂිත ස්ථාන වලට පිටත්ව යාමට අමතර කාලයක් ලැබෙන බව Rockhampton නගරාධිපතිනි Margaret Strelow පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now