SKIP TO MAIN CONTENT

ජේම්ස් බොන්ඩ්ට පණ දුන් Roger Moore දිවියෙන් සමු ගනියි.

Roger Moore
Roger Moore Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව  ඔස්සේ ජනප්‍රියත්වය පත්වූ රංගන ශිල්පී ශ්‍රීමත් රොජර් මූර් පිළිකා රෝගයක් හේතුවෙන් මියගිය වාර්තා වේ.

1973 සහ 1985 අතර කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7කට එක්වූ ඔහු මිය යන විට 89 වැනි වියේ පසුවිය.

ලෝකයේ ගෞරවයට පාත්‍රවූ  ඔහුගේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ඔහු කළ විචිත්‍ර වැඩසටහන් තුළින් Roger Moore හඳුනාගත් සැම වෙනුවෙන් සිය ආදරය සහ ගෞරවය පිරිනමන බව ඔහුගේ දරුවන් වන දෙබොරා, ජෙෆ්රි හා ක්‍රිස්ටියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

ඔහුගේ අවසන් කැමැත්ත අනුව පවුලේ අයගේ සහභාගිත්වයෙන් පෞද්ගලික අවමංගල උත්සවයක් මොනාකෝ හි දී පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now