SKIP TO MAIN CONTENT

ආසියාවම කැළඹු රෝහින්ග්‍යාවරුන් SBS ගුවන් විදුලියටත් පැමිණෙයි.

Rohingya coming to SBS Radio.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

රෝහින්ග්‍යා, ටිබෙට්, තෙලිගු, කැරන්, හකා චින්, මොන්ගෝලියන් සහ රුන්දි යන භාෂා 7 අලුතින් SBS ගුවන් විදුලියේ වැඩසටහන් ගොන්නට ඇතුල් කිරීමට SBS පාලනාධිකාරිය තීරණය කර තිබේ.

පසුගිය වසරේ පැවැත්වූ සංගණනයේ දත්ත මත SBS ගුවන් විදුලි වැඩසටහන් පිළිබඳ නැවත විමර්ශනය කිරීමේ කටයුතු සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව භාෂා 7 ක වැඩසටහන් අලුතින් එක් කිරීමට තීරණය කෙරිණි.

වර්තමාන ඔස්ට්‍රේලියානු ප්‍රජාවේ අවශ්‍යතා මත SBS ගුවන් විදුලියේ හැඩය සහ අන්තර්ගතය වෙනස් කෙරෙන අතර නිරතුරුවම එය ඔස්ට්‍රේලියානු ජන සමාජයත් සමග යාවත් කාලීන වෙමින් තම වැඩසටහන් පවත්වාගෙන යයි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන මිලියන 4.87 ක ජනතාවක් නිවසේදී ඉංග්‍රීසි භාෂාවට අමතරව එක් භාෂාවක් හෝ කතා කරන බවට පසුගිය වසරේ සිදු කළ සංගණන දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ප්‍රජා කණ්ඩායම් වලට සරිලන පරිදි SBS සේවාවන් සැපයීම වැදගත් ක්‍රියාවක් බව FECCA සංවිධානයේ සභාපති  Joe Caputo පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now