රෝහින්ග්‍යා සරණාගතයින් සංහාරයට ලක් කල බවට එල්ල වන චෝදනා වලට මියන්මාරයේ අවුන්සාන් සුචී ජාත්‍යන්තර අධිකරණයේ පිළිතුරු දෙයි

Rohingya genocide case 'incomplete and incorrect' Myanmar's Suu Kyi tells UN

Source: AAP

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුචී තම රටෙහි හමුදාව විසින් රෝහින්ග්‍යා සරණාගතයින් ජන සංහාරයට ලක් කල බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේපකොට සිටී.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ ‍පැමිණිලිකොට ඇත්තේ කුඩා අප්‍රිකානු රටක් වන මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන ගැම්බියාව විසිනි.

ඒ සඳහා තවත් රටවල් 57 ක සහයෝගය ලැබී තිබේ.

වසර 2017 දී මියන්මාරයේ උතුරු ප්‍රදේශයේ ප්‍රාන්තයක් වන රඛින් ප්‍රාන්තයේ විසූ මුස්ලිම් පසුබිමක් සහිත රෝහින්ග්‍යා ජනතාව රජයේ හමුදා විසින් සංහාරයකට ලක්කළ බවට වන චෝදනා ඇතුලත් නඩුව පිළිබඳව කරුණු දැක්වීමට සඳහා මියන්මාර නායිකා අවුන් සාන් සුචී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ ඊයේ දිනයේදී පෙනී සිටියාය.

අසල්වැසි රට වන බංග්ලාදේශ වාසි මෙම රෝහින්ග්‍යා ජනතාව 7,00, 000 පමණ තම රටට අනවසර සංක්‍රමණිකයින් ලෙසට පලා එම නිසා ඇතිවුණු අවාසනාවන්ත තත්වයක් විනා ජනසංහාරයක් සිදු නොවුණු බව ඇය ජාත්‍යන්තර අධිකරණය හමුවේ කරුණු හෙළිකොට සිටියාය.

නොබෙල් සාම ත්‍යාගලාභිනියක් වන ඇය, රොහින්ග්‍යා ජනසංහාරය සම්බන්ධයෙන් මියන්මාර පාලනයට එරෙහිව එල්ල වන චෝදනා හමුවේ, සියරට වෙනුවෙන් පෙනී සිටියි.

රට වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ ඇය පෙනී සිටීම හේතුවෙන් ඊට සහය පළ කරමින් මියන්මාර ජනතාව රට පුරා රැළි සංවිධාන කොට ඇත.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now