ABC four Coners වැඩසටහනේ විකාශය වූ Nothern Terrotory හි තරුණ රැදවුම් කඳවුරු වල තරුණයින් අපයෝජනයට ලක් වීම හෙළි වීමෙන් පසු අග්‍රාමාත්‍ය Malcolm Turnbull විසින් ඒ පිළිබඳව රාජකීය කොමිසමක් කැඳවා තිබෙනවා.
මෙම වැඩසටහනේදී තරුණයින් ට කදුළු ගෑස් ගැසීම හා මුහුණ ආවරණය කරන ලද අඩ නිරුවත් කල තරුණයෙකු පුටුවකට ගැට ගසා තිබීම විකාශය උනා. ඩාවින් හි Don Dale Youth Detention Centre හි දී පටිගත කර ඇති මෙම දර්ශන නිසා දරුවන්ට මෙසේ සැලකීම පිළිබඳව විවිද විවේචන එල්ල වෙනවා. මෙම වාර්තාවෙන් පසුව NT හි ප්‍රධාන අමාත්‍ය Adam Giles ප්‍රකාශ කර ඇත්තේ පුනරුත්තාපනය පිලිබඳ අමාත්‍ය John Elferink එම ධුරයෙන් ඉවත් කල බවයි. එසේම මෙම සිදුවීම් වසන් කිරීමේ පුරුද්දක් තිබී ඇති බවත් හෙළි වුනා.
පහත දැක්වෙන්නේ රාජකීය් කොමිසමට ගෙන යන කරුණුයි
මෙම රැඳවුම් කඳවුර ඇත්තේ කොහෙද?
Don Dale Youth Detention Centre පිහිටා ඇත්තේ ඩාවින් හි නැගෙනහිරින් Berrimah ප්‍රදේශයේයි. එහි ගැහැණු හා පිරිම් තරුණ පිරිස් රඳවා තිබේ.
සිදුව ඇත්තේ කුමක්ද ?
ABC four Coners වැඩසටහන තුලින් වසර 2010 ඔක්තෝබර් සිට මෙම තරුණයිනට කෘඋර ලෙස සැලකීමේ දර්ශන පෙන්නුම් කළා
මෙහිදී Dylan නම් 17 හැවිරිදි රැදවියෙකු පුටුවකට තබා ඔහුගේ හිස ආවරණය කර ඔහු පාද, අත් වලින් පුටුවකට බැඳ තබා පැය 2ක් පමණ තැබූ බවට හෙළි වුනා. එසේම ඔහුට වයස අවුරුදු 13 දී සිර මැදිරියේදී පහර දීම්, නිරුවත් කොට තැබීම් සිදු කල බවට වාර්තා වුනා. එසේම වසර 2014 දී Dylan ඇතුළු තවත් 6 දෙනෙකු කලහාකාරීන් ලෙස කදුළු ගෑස් ප්‍රහාරයකට ලක් වී තිබේ. නමුත් බන්ධනාගාර නිලධාරී කැමරා සහ CCTV රුප වලින් පෙනී යන්නේ එක දරුවෙක් පමණක් සිර මැදිරි වලින් පලා යාමත් අනෙක් දරුවන් මැදිරි තුල සිටියදී කදුළු ගෑස් එල්ල කරන බවයි.
එසේම සිර මැදිරි වල එලිය ,වාතාශ්‍රය හෝ ජලය නොමැතිව මුත්‍රා පිරි ස්තාන වල එම තරුණයන් හුදෙකලාව තැබීමත් වාර්තා වුනා. දැන් වයස 18ක් වන Dylan මෙම දර්ශන හෙළි කිරීමට ABC වෙත කැමැත්ත පල කොට තිබෙනවා.
මීට පෙර මෙවන් හෙළිදරව් වීම් සිදු වුවාද ?
NT හි සිර ගත කිරීම් වසර 2015 දී commissioner of corrections, තනතුර හෙබවූ Ken Middlebrook ගේ ඉල්ලා අස්වීම සමයේ විවිද විවේචන වලට පාත්‍ර වුනා. 2014 දී Four corners වැඩසටහන 2010 දී Dylan ට කෘර ලෙස සැලකීමට Ken Middlebrook ගේ අවසර තිබු බවත් වාර්තා කළා. එම ඉල්ලා අස් වීමෙන් පසුව NT ප්‍රධාන අමාත්‍ය පැවසුවේ මෙම කටයුතු පිළිබඳව විමර්ශනයක් කරන බවයි. 2015 ස්වාධීන විමර්ශනය හෙළි කලේ එවන් අපයෝජනය කිරීමේ සංස්කෘතියක් එහි නැති බවත් රැඳවියන් මෙල්ල කිරීමට තනි සිදුවීම් පමණක් වාර්තා වී ඇති බවයි. වසර 2012 දී NT ළමා කොමසාරිස් එක දරුවෙක් අපයෝජනය පිළිබඳව විමර්ශනයක් කලද එම වාර්තාව මහජනතාවට එලි දක්වා නැහැ.

මෙම වාර්තාව පිළිබඳව මානව හිමිකම් කොමසාරිස් Gillian Triggs ප්‍රකාශ කලේ එය ඉතා කනගාටුදායක හා විමර්ශනයක් ක්‍රියාත්මක කල යුතු තත්වයක් බවයි. මේ ආකාරයට දරුවන්ට සලකන අයෙක් ගෙන් දරුවන් ඉවත් කොට අපරාද කරුවන් එස චෝදනා එල්ල කල හැකි බවත් ඇය ප්‍රකාශ කළා. ආදීවාසී වැඩිහිටියකු හා සහාකාර ආදිවාසී කටයුතු අමාතය Pat Dodson මෙම සිදුවීම් ලජ්ජා සහගත බව ප්‍රකාශ කලා. මෙම වැඩසටහනින පසුව ප්‍රකාශයක් නිකුත් කල NT ප්‍රධාන අමාතය Giles ප්‍රකාශ කලේ එය කම්පනයට පත් කරන දර්ශන පෙළක් බවයි. ප්‍රජාවක් මනින්නේ ඔවුන් දරුවන්ට සලකන ආකාරය අනුව බවත් මෙම වාර්තාව එය ප්‍රශ්න කිරීමට ලක් කරන බවත් ඔහු පැවසුවා. මේ පිළිබඳව දැඩි පියවර ගන්නා බවත්, පොලීසියට මෙය විමර්ශනය කරන ලෙස ඔහු උපදෙස් දී තිබේ.
රාජකීය කොමිසම
මේ පිළිබඳව රාජකීය කොමිසමක් පත් කරන බව අග්රාමත්යවර්යා අඟහරුවාදා ප්‍රකාශ කලා. සියලු ඕස්ට්‍රේලියානුවන් මෙන් තමාද කම්පනයට පත් වූ බව ඔහු පැවසුවා, මෙම රාජකීය කොමිසම මගින් සිදු කරන විමර්ශනය NT රජය සමග එක්ව සිදු කරන බවත් ඔහු පවසා තිබේ. මෙම විමර්ශනය් මගින් සිදු වූ දේ කුමක්ද හා එවන් තත්වයක් ඇති වීමට හේතු වූ පරිසරය හෙළි කල යුතු බවත්, මීට පෙරද එල්ල වූ චෝදනා හා විමර්ශන හමුවේත් මේ තත්ත්වය් හෙළි නොඋයේ කුමන හේතුවක් නිසාද යන්නත් හෙළි කල යුතු බව ඔහු පැවසුවා. Aboriginal and Torres Islander Social Justice Commissioner තනතුර දරන Mick Gooda ABC වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම රාජකීය කොමිසම NT පමණක් නොව මුළු රට පුරාම ක්‍රියාත්මක කල යුතු බවයි

