ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ ප්‍රධානියා ලෙස රුමේෂ් රත්නායක පත් කරයි.

Rumesh appointed Head of SL Fast Bowling.

Source: espncricinfo

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යවන බලඇණියේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා පිළේ ප්‍රවීණ වේග පන්දු යවන්නෙකු වූ  රුමේෂ් රත්නායක මහතා පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (08/08) නිවේදනය කළේය.

රුමේෂ් රත්නායක යනු ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිම වේග පන්දු යවන්නන්ගෙන් ප්‍රථමයා ලෙස හැඳින්විය හැකි අතර 1985/86 කාලයේ ඉන්දියාවත් සමග පැවති ටෙස්ට් තරගයකදී කඩුලු 9 ක් අත් කරගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රථම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලබා දීමටද ඔහුගේ පන්දු යැවීම ඉවහල් විය.

එම තරගාවලියේ ඔහු ලබා ගත් මුළු කඩුලු ගණන 20 කි.

53 හැවිරිදි රුමේෂ් රත්නායක මහතා ජාතික වේග පන්දු යවන්නන් පුහුණු කරවන වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිත අතර ජාතික උසස් කුසලතා සැලැස්ම සමග ඒකාබද්ධව ඔහුගේ පුහුණු කිරීම් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Sri Lanka Cricket



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now