SKIP TO MAIN CONTENT

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 755 දෙනෙකු රුසියාවෙන් පිටුවහල් කිරීමට රුසියානු ජනපති තීරණය කරයි.

Russia to expel 755 US diplomatic staff
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

රුසියාව තුළ සේවයේ යෙදී සිටින ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 755 දෙනෙකු රුසියාවෙන් පිටුවහල් කිරීමට රුසියානු ජනාධිපති Vladimir Putin තීරණය කර තිබේ.

රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් පුළුල් කිරීමට පසුගිය සිකුරාදා ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය ගනු ලැබූ තීන්දුවට ප්‍රතිචාර වශයෙන් රුසියානු ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන තිබේ.

ඊට අමතරව රුසියාව තුළ ඇති ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික දේපළ ද්විත්වයක්ද තහනම් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික සහ තාක්ෂණික සේවකයින් 755 දෙනෙකු එළඹෙන සැප්තැම්බර් 01 වන දිනට පෙර රුසියාවෙන් පිටවිය යුතු වෙයි.

රුසියාව තුළ සේවයේ නිරත ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාව 455 දක්වා අඩු විය යුතු බවට රුසියාව සඳහන් කරයි.

ඇමෙරිකාව තුළ සේවයේ නිරත රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 35 දෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු බලධාරීන් නෙරපනු ලැබීමත් සමග ඇමෙරිකාව තුළ සේවයේ නිරත රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ප්‍රමාණය 455 ක් බවත් ඒ අනුව අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාව ද ඊට සමාන විය යුතු බවත් රුසියානු බලධාරීන් පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now