SKIP TO MAIN CONTENT

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම ක්‍රීඩා සඳහා වසර 4 ක අන්තර්ජාතික තහනමක්

Russia was banned from the world's top sporting events for four years
Source: EPA

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

තහනම් උත්තේජක සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ වල දත්ත වෙනස් කිරීම හේතුවෙන් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම ක්‍රීඩා සඳහා වසර 4 ක අන්තර්ජාතික තහනමක් පැනවීමට ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල, වසර 2022 දී කටාරයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියද සහ 2022 දී පැවැත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙලද රුසියානුවන්ට අහිමි වෙයි. එසේම වසර 2008 සිට රුසියානුවන් විසින් දිනාගන්නා ලද  පදක්කම් 30 ක් පමණ ඔවුන්ට අහිමි වනු ඇත.

පසුගිය වසරේදී පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට වුයේද රුසියාවයි.

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක ගනිමින් අන්තර්ජාතික තරග වලට සහභාගි වන බවට චෝදනා, වසර ගණනාවක් තිස්සේ රුසියාවට එරෙහිව පැවතින. පසුව ඒ සම්බන්ද පරීක්ෂණ ආරම්භ වුනු අතර එය නිමාවට පත්කරමින් ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය  ඊයේ දිනයේදී සිය තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව මෙම  තහනම පැවැත්වෙන ඉදිරි වසර 4 ක කාලය තුලදී කිසිඳු අන්තර්ජාතික ක්‍රීඩා උළෙලකදී රුසියානු ධජය සහ රුසියානු ජාතික ගිය භාවිතය තහනම් වනු ඇත.

කෙසේ වුවද තහනම් උත්තේජක චෝදනාවලට ලක් නොවුන රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට, තමා සහභාගිවන ක්‍රීඩා උළෙලේ නිල ධජය යටතේ තරඟ වැදීමේ අවස්ථාව හිමිවන බව ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ සභාපති ක්‍රේග් රෙඩ්ඩි සඳහන් කරයි.

රුසියාවේ මත්ද්‍රව්‍ය නාශක විරෝධී ඒජන්සියට මෙම තීරණය ට එරෙහිව  දින 21 ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now