SKIP TO MAIN CONTENT

විෂ ශරීර ගතවූ රුසියානු විපක්ෂ ක්‍රියාකරු Alexei Navalny ජර්මනියේ රෝහලකට ඇතුල් කෙරේ

Russian opposition activist Alexei Navalny.
Russian opposition activist Alexei Navalny. Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

විෂ ශරීර ගතවී සිටින රුසියානු විපක්ෂ ක්‍රියාකරු Alexei Navalny හට වැඩි දුර ප්‍රතිකාර කිරීම සඳහා ජර්මනියේ රෝහලකට ඇතුල් කර තිබේ.

සයිබීරියාවේ රැස්වීමක් ඇමතීමට ගොස් නැවත රුසියාවේ මොස්කව් අගනුවර බලා පිටත් වීම සඳහා සයිබීරියානු ගුවන් තොටුපොළින් පිටව යන මොහොතේ ඔහු පානය කළ තේ කෝප්පයට යම් විසක් මිශ්‍ර කිරීමෙන් මෙසේ ඔහු සිහිසුන් වූ බව වාර්තා වේ.

ඒ අනුව සයිබීරියාවේ සිට Alexei Navalny ව ජර්මනියේ බර්ලින් නුවර ෂැරිටී රෝහල වෙත රැගෙන විත් තිබේ.

මේ වන විට ඔහු සබන්ධයෙන් වැඩි දුර වෛද්‍ය පරීක්ෂණ පවත්වන බවත් ඒවා අවසන් වන තෙක් ඔහු පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වන විට Alexei Navalny ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර තත්ත්වයක පවතින නමුත් තත්ත්වය බරපතල බව චිත්‍රපට නිෂ්පාදකයකු වන Jaka Bizilj පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now