SKIP TO MAIN CONTENT

මොස්කව් නුවරට පැමිණි රුසියාවේ විපක්ෂ නායක Alexei Navalny ව පොලිස් භාරයට ගනී

Alexei Navalny is surrounded by journalists prior to his flight to Moscow in the Airport Berlin Brandenburg (BER) in Schoenefeld, Germany, on 17 January.
Alexei Navalny is surrounded by journalists prior to his flight to Moscow in the Airport Berlin Brandenburg in Schoenefeld, Germany, on 17 January. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මොස්කව් නුවරට පැමිණි රුසියාවේ විපක්ෂ නායක Alexei Navalny ව පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී Alexei Navalny ජර්මනියේ සිදුකළ සංචාරයක් අතරතුරේ ඔහු හට විෂ පානය කිරීමට සැලැස්වූ බවට තහවුරු කෙරුණු නමුත් එලෙස තහවුරු කිරීමට තරමේ සාක්ෂි පෙනීමට නැති බව පවසමින් රුසියාවේ Kremlin ය එය ප්‍රතික්ෂේප කළේය.

නමුත් Alexei Navalny රුසියාවට නැවත පැමිණෙන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව අත්හිටවූ දඬුවමක කොන්දේසි උල්ලංඝනය කළ බවට පවසමින් ඔහුව සිරගත කරන ලෙස රුසියානු බලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තමා යළි මොස්කව් නුවරට පැමිණීම පිළිබඳ සතුටට පත්වන බවත් මෙය මගේ නිවහන නිසා කිසිදු දෙයකට තමන් බිය නොවන බවත් Alexei Navalny මොස්කව් නුවරට ගොඩ බැසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.

තමන්ට එල්ලවූ විෂ ප්‍රහාරය නිසා Alexei Navalny පසුගිය මාස 5 ක කාලය තුළ ප්‍රතිකාර ලබමින් ජර්මනියේ වාසය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now