SKIP TO MAIN CONTENT

රුසියාවේ රජය හදිසියේම ඉල්ලා අස්වෙයි

Russia's government resigns amid constitutional changes
Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

රුසියාවේ රජය හදිසියේම ඉල්ලා අස්වෙයි.

රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යෝජනා කොට ඇති ව්‍යවස්ථාමය වෙනස්කම් එළිදැක්වීමෙන් පසු ඉල්ලා අස්වන බව රුසියාවේ සමස්ත රජය මේ වන විට ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන ඒම පිළිබඳව ප්‍රකාශ කිරීම වෙනුවෙන් ජනාධිපති පුටින් සිය වාර්ෂික ජාතිය අමතා සිදුකරනු ලබන දේශනය මෙවර භාවිතා කරනු ලැබූ අතර ඉන් පැය කිහිපයකට පසු අගමැති දිමිත්‍රි මෙඩ්විඩෙව් විසින් බොහෝ දෙනා වික්ෂිප්ත කරමින් රජය මෙලෙස ඉල්ලා අස්වන බවට නිවේදනය කළේය.

මේ වන විට ජනපති පුටින් විසින් නව රජයක් පිහිටුවීමේ කාර්යභාරය සඳහා මිහායිල් මිෂුස්ටින් නම් කර තිබේ.

ඔහු රුසියාවේ දිගු කලක් සේවය කළ බදු සේවා ප්‍රධානී වරයෙකු වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now